එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද(12) විවාදයට ගැනීමට නියමිතව තිබේ. එම යෝජන...
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද(12) විවාදයට ගැනීමට නියමිතව තිබේ.
එම යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයටද ඇතුළත් කර තිබේ.
මේ අතර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන යෝජනාව සම්බන්ධයෙන් හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිරුන් අදහස් පළ කළේය.
අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
යෝජනාව විවාද කිරීමෙන් අනතුරුව ඡන්ද විමසිමක්ද පවත්වා එය සම්මත කර ගැනීමට ද එක්සත් ජාතික පෙරමුණ අපේක්ෂා කරයි.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කෙරෙන යෝජනාවට පක්ෂව තම පක්ෂය ඡන්දය භාවිත නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර තිබුණි.
COMMENTS