දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාධ්‍ය නිදහස සොයා යාපනයට: අප දෙමළ නිසාද? සුනන්ද දේශප්‍රිය
Homeප්‍රවෘත්ති

මාධ්‍ය නිදහස සොයා යාපනයට: අප දෙමළ නිසාද? සුනන්ද දේශප්‍රිය

PropellerAds

රාජපක්ෂ සමයට සාපේක්ෂකව අද නිදහසක් තියෙනවා. අද අපේ පස්සෙන් කව්රුවත් එන්නේ නැහැ. ලියන්න නිදහස තියෙනවා. නමුත් එ්ත් සම්පූර්ණ නිදහසක් යයි කියන...

පෙරටුගාමීන් කියන 'දූපත' ගැන හොයන්න! - පොලිස් ඇමැති CID යයි!
LPL හි දුර්වල තණතීරු ගැන සනත්ගෙන් විවේචන!
රනිල් ජනපති.. සජිත් අගමැති… SJB සහාය රනිල්ට.. පණිවුඩය රැගෙන මන්ත‍්‍රීවරයෙක් ජනපති හමුවෙයි!
මාධ්‍ය නිදහස සොයා යාපනයට: අප දෙමළ නිසාද? සුනන්ද දේශප්‍රිය

රාජපක්ෂ සමයට සාපේක්ෂකව අද නිදහසක් තියෙනවා. අද අපේ පස්සෙන් කව්රුවත් එන්නේ නැහැ. ලියන්න නිදහස තියෙනවා. නමුත් එ්ත් සම්පූර්ණ නිදහසක් යයි කියන්න බැහැ.’

වෙඩි උණ්ඩ දෙකක් විසින් රාජපක්ෂ සමය සිහිකරවීම පිණිස ඇති කරන ලද සිදුරු තවමත් යාපනයට ලැබී නැති යුක්තිය පිළිබඳ සාක්ෂි දරති. ආයුධ සන්නද්ධ කණ්ඩායමක් යාපනයේ උදයන් පුවත්පත් කාර්යාලයට කඩා වැදී වෙඩි වරුසාවක් එල්ල කළේ 2006 වසරෙහි ලෝක ජන මාධ්‍ය දිනයට පෙරදා රැයෙහිය. ඉන් එහි මාධ්‍ය සේවකයින් දෙනෛකු එතැනම මැරී වැටුණි. අපට එම පුවත ලැබෙන විට යුනෙස්කෝව විසින් වාර්ශිකව පවත්වන ජනමාධ්‍ය නිදහසේ උත්සවය ආණ්ඩුවේ සහභාගිත්වය ඇතිව කොළඹ පැවැත්වෙමින් තිබුණි. අපද සිටියේ එහිය.

දුරකථන ඇමැතුම ලද වහාම කෙටි සාකච්ජාවකින් පසු විරෝධය පා උත්සවයෙන් නැඟිට යාමට අපි තීරණය කළෙමු. උත්සවයේ විස්තර ප්‍රචාරකයා අසළට ගොස් ඔහුගේ මක්‍රෆෝනය අතට ගත් මා උදයන් පුවත්පතට එල්ල වූ ප්‍රහාරය සහ එහි විපාක සදහන් කොට ඉවත යෑමට පෙර අපේ විරෝධය සටහන් කළෙමු.

එකී ප්‍රහාරකයින් හට උදයන් කාර්යාලයේ ආරක්ෂාවට යෙදවා සිටි ආරක්ෂක අංශ නිලධාරීන් විසින් වෙඩි තබන ලදී. ඉන් දෙදෙනෙකුට තුවාල සිදුවිය. ප්‍රේම් කියන්නේ එම දෙදෙනා එකළ රාජ්‍ය හමුදා සමඟ කටයුතු කළ ඊපීඩීපී සංවිධානයේ සාමාජිකයින් බවයි. ඔවුන්ගේ නම් ගම් ද පසුව ප්‍රසිද්ධියට පත්විය.

එසේ නමුත් අද වන තුරු මෙම ප්‍රහාරය හෝ උදයන් පුවත්පතට එල්ල වූ අනෙක් ප්‍රහාරයන් හෝ කිසිම පරීක්ෂණයක් වත්මන් ආණ්ඩුව විසින් හෝ සිදු කර නැත.

‘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන ප්‍රගීත් එක්නැළිගොඩ ගැන පැහැර ගැනීම ගැන පරීක්ෂන පැවැත්වීම සාධනීය වර්ධනයක්. අපි සතුටුයි. එත් ඇයි අප ගැන නොසොයන්නේ? අපට මෙරට සමාන අයිතිවාසිකම් නැති නිසාද? ‘ යැයි උදයන් කතුවර තේවනායගම් ප්‍රේම්නාත් විමසයි.

මෙරට ජනමාධ්‍යවේදීන්ටම ඇරුනු ආණ්ඩුවට සම්බන්ධයක් නැති පුවත්පත් සමාජ කාර්යාලයක් ඇත්තේ යාපනයෙහි පමණි. එය ජේපීසී නමින් හැදින්වෙන Jaffna Press Club ය.

අප එහි ගියේ උදෑසනය. ඉක්මනින්ම අප හිත මිතුරු දයාපරන් රත්නම් පැමිණියේය. ඔහු එහි ප්‍රධානියාය. අනතුරුව එහි තවත් ප්‍රධානියකු වන අන්මුගරාසා සබේස්වරන් ද අපට එක්විය. ඔහු යාපන තිනක්කූරල් පුවත්පතෙහි ප්‍රවෘත්ති කර්තෘ ද වේ.

‘ අපි යාපන ජනමාධ්‍යවේදීන් 50 දෙනෙක් පමණ 2015 දි කොලඹ ගිහින් ජනාධිපති, අගමැති, ජනමාධ්‍ය ඇමැති යන හැමෝම හමුවුණා. අපි ඉල්ලීමක් කළා, අඩුම වශයෙන් ඝාතනය කරන ලද දෙමළ ජනමාධ්‍යවේදීන් තුන් දෙනෙක් ගැන හෝ පරීක්ෂන ආරම්භ කරන්න කියළා. කොළඹදී සිදු කෙරුණූ සිවරාම් ඝාතනය, මඩකළපුවෙහිදී සිදුවූ නඩේසන් ඝාතනය, යාපනයේදී සිදුවූ නිමලරාජන් ඝාතනය පිළිබඳ පරීක්ෂන පවත්වන්නැයි අප කිව්වා. ඒත් අද වනතුරු එම පරීක්ෂණ ගැන කිසිදු තොරතුරක් නැහැ. ’

ඔවුන්ගේ කඩහඩෙහි ඇත්තේ සාධාරණ කේන්තියයි. ‘ එවැනි සිදුවීම් තව කොච්චර තියෙනවද?’

යුද සමයෙහි යාපනයේ නමදු ඊළනාඩු නම් පුවත් පතක් තිබුණි. එහි කළමනාකාර කර්තෘ වූ සින්නතම්බි සිවමහාරාජා 2006 අගොස්තුවෙහිදී ඝාතනය කරන ලදී. නමදු ඊළනාඩු එල්ටීටීඊ සංවිධානයට ලැදි පුවත්පතක් ලෙස සැළකුණි. පුවත්පත වැසී ගිය අතර 2009යෙන් පසු එම කාර්යාලය ත්‍රස්ත විමර්ශන අංශයේ කාර්යාලය බවට පත් විය. 2015 වත්මන් ආණ්ඩුව බලයට පත්ව කාර්යාලය පවත්වා ගෙන ගිය ගොඩනැගිල්ල එහි හිමිකරුට ලබා දී පුවත්පතට අයත්ව තිබූ මුද්‍රණ යන්ත්‍ර යනාදි සියල්ළ පළාලි හමුදා කඳවුරට ගෙන යන ලදී.

‘මේකත් හරියට කන්කසන්තුරේ සිමෙන්ති පැක්ටරියේ යන්ත්‍ර සූත්‍ර යකඩ වලට විකුණූවා වගේ වැඩක්. දන්නවද ඒ යන්ත්‍රසූත්‍ර මිලට ගත්ත එක් මුස්ලිම් ව්‍යාපාරිකයෙන් 2013 පළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපයෙන් තරඟ කරා. අයියෝ! ජන්ද 600ක් විතර තමයි ලැබුණේ’ දයාපරන් සහ සබේශ්වරන් කියයි. ‘ඔහු ජන්දයට දැම්මේ හමුදාවෙන්ලු!’

ඝාතනය කළ දෙමළ ජනමාධ්‍යවේදීන් ගැන තඹ දොයිතුවක් නොසළකන ආණ්ඩුව මෑතදී ඇතිවූ ‘ආවා’ ප්‍රචන්ඩ ක්‍රියා ගැන කටයුතු කළේ සීග්‍රගාමීවය.

‘ එස්ටීඑෆ් එකේ 400ක් විතර ‘ආවා’ ගැන සොයන්න ආවා. ඒ වටලෑම වාර්තා කරන්න ගිය ජනමාධ්‍යවේදීන්ගේ ජයාරූප පොලීසිය එකදිගට ගත්තා. ඇයි? හමුදා සහ පොලීසි මානසිකත්වය තවම වෙනස් වෙලා නැහැ. ඔවුන් හිතන්නේ දෙමළ අප හැමෝම සැකකටයුතු ත්‍රස්තවාදීන් කියලද? අපට කියන්න දකුණේ ජනමාධ්‍යවේදීන් සයිටම් වගේ පෙළපාලි ආවරණය කරන කොට මේ විදිහට ජායාරූප ගන්නවද කියළා? ඔබම කල්පනා කරන්න මෙතැන ලොකු වරදක් තියෙනවා නේද කියා.’ දයාපරන් අපෙන් අසයි.

‘ අපට කියන්න බැහැ සම්පූර්ණ නිදහස යාපනයේ ජනමාධ්‍යට තියෙනවයි කියලා. ලියන්න තර්ජන හෝ බලපෑම් හෝ නැහැ. නමුත් ජනමාධ්‍ය ඝාතකයෝ නිදහසේ හැසිරෙනවා. අනිත් අතට පොලීසි හමුදා එක දිගට අපේ ජායාරූප ගන්නවා. මේ බිය ගැන්වීම නතර කරන්න කියා දකුණේ ජනමාධ්‍ය සංවිධානවලට ආණ්ඩුවට කියන්න, කියන්න.‘

යුද සමයෙහි උදයන් පුවත්පතෙහි කොළඹ මුද්‍රණය වැනිවූ සුදර්ඔලි පුවත්පත සංස්කරණය කළ එන්. විද්‍යාතරන් දැන් යාපනයෙහි කාලක්කදීර් නම් පුවත් පතක් සංස්කරණය කරයි. එකළ ජීවිතය බේරා ගැනීම පිනිස යාපනයෙහි උදයන් කාර්යාලයෙහිම නැවැතී එම පුවත්පත සංස්කරණය කළ ජේෂ්ඨ මාධ්‍යවේදී කානමයින්නාදන් දැන් කාලක්කදීර්හි ප්‍රධාන කර්තෘය. ඔහු දැකීමත් සතුටට කරුණක් විය.

‘ ආණ්ඩුවට කියන්න මගෙන් පටන් ගන්න කියලා’ යැයි සිය කාර්යාලයේදී විද්‍යාදරන් කතාව පටන් ගත්තේය. ‘දෙමළ ජනමාධ්‍යවේදීන් ඝාතනය සහ පැහැර ගැනීම් ගැන සාක්ෂි තියෙනවා. නැත්තේ ආණ්ඩුවේ දේශපාලන කැපවීමයි.’

වැල්වත්ත පෙදෙසෙහි අවමඟුල් උත්සවයකට සහභාගි වෙමින් සිටි විද්‍යාතරන් නිල ඇදුමින් සැරසුණ පොලිස් භටයින් දෙදෙනෙකු කැටුව ආ ඝාතක කල්ලියක් විසින් සුදු වෑන් රියකින් පැහැර ගන්නා ලද්දේ 2009 පෙබරවාරි 09දාය. පැහැර ගැනීම පිළිබද පුවත එසැනින්ම ලොව පුරා යැවීමට අපි සමත්වීමු.

ආණ්ඩුවට ගැලවීමට මඟක් අවශ්‍ය විය. ඒ වන විටත් පහරදී තිබූ විද්‍යාතරන් දෑස් බැඳ දෙමෙටගොඩ අසළ කාණුවකට දමන ලද්දේ ඒ අනුවය. ඒ පසුපස ආ අනුර සේනානායකගේ පිරිස් විසින් යළි අත්අඩංඟුවට ගත් විද්‍යාතරන් නිල වශයෙන් අත් අඩංඟුවට ගත් බව ආණ්ඩුව නිවේදනය කළේය!. එදිනම ඕස්ට්‍රෙලියානු රෑපවාහිනී මාධ්‍යවේදියකු අමතා එවකට ආරක්ෂක ඇමැති වූ ගෝඨාභය රාජපක්ෂ ‘ විද්‍යාතරන් ත්‍රස්තවාදියෙක්. අපි ඔහු අත්අඩංඟවට ගත්තා. පසුගියදා කොළඹට එල්ල වූ එල්ටීටීඊ ගුවන් ප්‍රහාරයට ඔත්තු දුන්නේ ඔහුයි. ඔහු ගැන කතා කළ හොත් ඔබේ අතේත් ලේ ගෑවේවි.’ කෑ ගැසුවේය. (ගෝඨාභය ජනාධිපති කිරීමට වළිකන බුද්ධිමතුන්ට ජයවේවා!). පැහැර ගැනීම ගෝඨාභයගේ වීරකමක් බව ඉන් සනාථ විය.

මෙම පැහැර ගැනීමට ආ පොලිස් නිලධාරීන් දෙදෙනා රංගනාදන් සහ විජේරත්න ය. තවමත් පොලිස් සේවයේ සිටින ඔව්හු මේ අපරාධයේ සහායකයින් සහ සාක්ෂිකරුවන්ය.

‘ ඇයි ඉතින් ආණ්ඩුවට මේ තරම් පැහැදිළි සාක්ෂි තියෙන සිදුවීමක් පරීක්ෂා කරන්න බැරි? මම එක්නැළිගොඩ හෝ විකුමතුංග කෙනෙක් නොවන නිසාද? මම දෙමළ. දෙමළ අපට මේ ආණ්ඩුවෙන් යුක්තියක් ඉටුවෙයි කියා සිතන්න පුලුවන්ද? ‘ යන ප්‍රශ්ණය යාපනයේ අප හමුවූ බහුතර ජනමාධ්‍යවේදීන් විසින් යළි යළි අසන ලද ප්‍රශ්ණයයි. එනම් ‘අප දෙමළ නිසාද?’ යනුය.

ඊට පිළිතුරක් ඔබට තිබේද?

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාධ්‍ය නිදහස සොයා යාපනයට: අප දෙමළ නිසාද? සුනන්ද දේශප්‍රිය
මාධ්‍ය නිදහස සොයා යාපනයට: අප දෙමළ නිසාද? සුනන්ද දේශප්‍රිය
http://ift.tt/2fPDhsc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_766.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_766.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy