රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසඳුමක් සමග රට සංවර්ධනය කරා ගෙන යමින් සියලු ජාතීන් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම තම අරමුණ ...
රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසඳුමක් සමග රට සංවර්ධනය කරා ගෙන යමින් සියලු ජාතීන් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිවරයා පවසයි.
කිසිවෙකුට ෆෙඩරල් බලයක් හෝ රට කැඩෙන අන්දමේ බලයක් ලබා දීමට තමා සූදානම් නොමැති අතර තමා ජනාධිපති ධුරයට පත් වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ දකුණු කොරියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව සමග හමුවකට ඊයේ (28) පස්වරුවේ සෝල් නුවර දී එක්වෙමිනි.
වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, ශිෂ්‍යයින් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල කටයුතු කරන ශී‍්‍ර ලාංකිකයින් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
තමා බලයට පැමිණියේ රට පැවතියාට වඩා හොඳ තත්ත්වයකට ගෙන ඒමට බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඉතිහාසයේ සිදු වූ වැරදි නිවැරදි කිරීමේ පිවිතුරු චේතනාවෙන් ශී‍්‍ර ලාංකිකයින්ට සාමයෙන්, සමගියෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩනැගීම තම අරමුණ බව කියා සිටියේය.
එමෙන්ම තමා රට භාරගත්තේ යුද හමුදාව දුර්වල කිරීමට හෝ ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට නොවන අතර මාතෘ භූමිය වෙනුවෙන් අංක 01 ට ඉටුකළ යුතුව තිබූ කාර්යයක් වූ ජාත්‍යන්තරය දිනා ගැනීමේ අභියෝගය ජය ගැනීම තම ප‍්‍රමුඛ අරමුණක් වූ බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
ලෝකයේ බලවතුන්ගේ උදහසට ලක්ව සිටී ශී‍්‍ර ලංකාව යළි ජාත්‍යන්තරයට සමීප කිරීමට ඉකුත් වසර 03 තුළ තමා සමත් වූ අතර කවුරුන් කෙසේ කීවද අද තමන් රට වෙනුවෙන් සමස්ත ලෝකයම දිනාගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
එම යහපත් විදේශ ප‍්‍රතිපත්තිය තුළ ජාත්‍යන්තර යුද අධිකරණ, ජාත්‍යන්තර විනිසුරුවරුන් මෙන්ම විදුලි පුටුව ගැන කථා කළ පොත වසා දැමීමට, කටයුතු කළ ද ඉන් ජීවත්වන ඇතැම් පිරිස් එම පොත වසා දැමීමට සූදානම් නොමැතිව ජාත්‍යන්තරය හමුවේ අප විසඳා ගත් කරුණු පිළිබඳව ද තවමත් කථා කරමින් සිටින බව ප‍්‍රකාශ කළේය.
COMMENTS