ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නඟාසිටුවීම සඳහා ණය පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ඇමරිකානු ඩොලර් මිලිය...
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නඟාසිටුවීම සඳහා ණය පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව විසින් සලසා දෙනු ලැබ තිබේ.
මෙම ණය යෝජනා ක්‍රමය සඳහා වන අධික ඉල්ලුම හේතුවෙන් යෝජිත ව්‍යාපෘති කාල සීමාව අවසන් වීමට පෙර, සම්පූර්ණ අරමුදලම උපයෝජනය කරමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත සහනශීලී ණය ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කර, ප්‍රතිලාභීන් වැඩි පිරිසකට සහනශීලී ණය ලබා දීමට හැකිවන පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 75ක අතිරේක අරමුදල් ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS