කෙසේ වෙතත් දැන් මැච් එක ගහන්න පිච් එක සදා දී ඇති හෙයින් මැතිවරණ කොමිසමට දැන් මැච් එක ගැසිය හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය. පෞගිය කාලය...
කෙසේ වෙතත් දැන් මැච් එක ගහන්න පිච් එක සදා දී ඇති හෙයින් මැතිවරණ කොමිසමට දැන් මැච් එක ගැසිය හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.
පෞගිය කාලය පුරා එල්ල වූ විවිධ චෝදනාවන්ට පිළිතුරක් ලෙස අද අමාත්‍යවරයා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන් තැබීය. යම් පළාත් පාලන ආයතනයක යම් ගැටළුවක් ඇතිවුවහොත් එය මඟහැර හෝ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමද සුදානමින් සිටියි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත් පළාත් පාලන මැතිවරණයෙන් කොට්ඨාස 3840කින් තේරී පත්වන සභික සංඛ්‍යාව 8300ක් වන අතර පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341කි. පැවති පළාත් පාලන ආයතන සංඛ්‍යාවට අමතරව අලුතින් ආයතන 05ක් මෙවර එක් වන අතර ඊට අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS