දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න සහ අගමැතිගේ උත්තර මෙන්න.
Homeගොසිප්

බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න සහ අගමැතිගේ උත්තර මෙන්න.

PropellerAds

මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවට අදාළව සාක්කි ලබාදීම සඳහා පැමිණීම සම්බන්ධයෙන් බැඳුම්කර ජනාධිපති කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තු...

ජනපති අණින් ෆේස්බුක් තහනම ඉවතට.
රට පාලනය ෆේස්බුක් වලින් නම් ආණ්ඩුව හා නීතිය කුමටද? [Video]
චීනයේ ZXY Hong Kong Company වෙත කසළ ප්‍රවාහන රථ කොන්ත්‍රාත්තුවක්.

මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවට අදාළව සාක්කි ලබාදීම සඳහා පැමිණීම සම්බන්ධයෙන් බැඳුම්කර ජනාධිපති කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුති කළේය.

මේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා සහය පළ කරමින් රටේ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ පෙනී සිටිමින් සාක්කි ලබාදීම අගය කළ යුතු යැයි ද බැඳුම්කර ජනාධිපති කොමිසම අවධරණය කළේය.

බැඳුම්කර ජනාධිපති කොමිසම මේ බව කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබාදීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20)උදැසන එම කොමිසම හමුවේ ස්වේඡාවෙන්ම පෙනී සිටී අවස්ථාවේදීය.

එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසම ඇසු සියලු ප්‍රශ්නවලට ඍජු පිළිතුරු ලබා දුන්නේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ මෙසේ පෙනී සිටියේ අද දහවල් නිල විදේශ සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට ද  නියමිතව තිබියදීය.

අර්ජුන ඇලෝසියස් පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ඉවත්වුවත් එයට සම්බන්ධ සමාගමක් වූ පර්පෙචුවල් හෝල්ඩින්ග්ස් ආයතනයේ කටයුතු කළ බව දන්නේද යන්න විමසු විට අගමැතිවරයා කියා සිටියේ තමන් ඒ ගැන නොදැන සිටි බවය.

කෙසේ වෙතත් තමන් සතු කොටස් හුවමාරු කිරීම සඳහා යම් කාලයක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටි බව අගමැතිවරයා සඳහන් කළේය.

අගමැතිවරයාට ඔක්තෝබර් මස 10 වෙනි දින කොමිසම විසින් යවන ලද ප්‍රශ්න 28 ට හා නීතිපති දෙපාර්තමේන්තුව විසින් යවන ලද ප්‍රශ්න 20 ට අදාළව අගමැතිවරයා ලබාදුන් පිළිතුරැ කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම මෙහිදී සිදුවිය.

නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න 33 ක් අගමැතිවරයාට යොමු කරන ලෙස ඉල්ලා තිබුණ ද එයින් අවශ්‍ය ප්‍රශ්න 20 ක් පමණක් අගමැතිවරයාට යැවු බව කොමිසමේ විනිසුරුවරු පැවසූහ.

අර්ජුන ඇලෝසියස් සහ හිටපු මහබැංකු අධිපති අතර තිබු ලැදියාවන් අතර ගැටලුව ගැන නීතිපතිවරයා ද මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ ලැදියාවන් අතර ගැටලුව ගැන මුලින්ම අවධානය යොමුකළේ තමන් බවය.

හිටපු මහබැංකු අධිපතිවරයෙකුගේ නැගණිය ද මින් පෙර පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කර තිබුණු බව අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ඉවත්ව තමන්ට හිමි මෙන්ඩිස් අරක්කු ව්‍යාපාරයේ කටයුතු කරන බව අර්ජුන අලෝසියස් ද තමන් හමුවූ වරක ප්‍රකාශ කළ බව ඔහු පැවසුවේය.

අර්ජුන ඇලෝසියස් සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තමන් නොමග යැවු බවට තොරතුරු තමන්ට නොමැති බව නීතිපතිවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේය.

කොමිසම විසින් අගමැතිවරයාගෙන් විමසන ලද තවත් ප්‍රශ්නයක් වූයේ සෘජු ස්ථානගත කිරීම්වල සිට ප්‍රසිද්ධ වෙන්දේසි සඳහා යාමට ගත් තීරණය සම්බන්ධයෙනි.

ඒ ගැන තමන් අර්ජුන මහේන්ද්‍රන් දැනුවත් කර තිබු බවට අගමැතිවරයා ලිඛිතව ඉදිරිපත්කර තිබු පිළිතුර ගැන විමසමින් ප්‍රශ්න කළේ එය මුල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීරණයක් නොවේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුවේ ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයේ හා රජයේ ප්‍රතිපත්ති ගැන විධාන දීමට හැකි බවය.

ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සිදුවූ දිනයේ අර්ජුන මහේද්‍රන් අගමැතිවරයාට ලබාදී තිබු දුරකථන ඇමතුම් ගැන මෙහිදී විමසු අතර අගමැතිවරයා පැවසුවේ මුලින්ම ඔහු අදාල නිකුතුව සිදුවූ බවටත් පසුව එහි වැඩිවිස්තරත් ලබා දුන් බවය.

අර්ජුන මහේන්ද්‍රන් අගමැතිවරයා ඇමතු දුරකථන අංකය ගැන විමසීමේදී අගමැතිවරයා පැවසුවේ එදින තමන් සම්බන්ධ කර ගත හැකිව තිබුණේ එම අංකයෙන් බවය.

තමන් දුරකථනයට කෙලින්ම පිළිතුරැ නොදෙන බවත් තම සහායකයන් තමන්ට එය ගෙනවිත් දෙන බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක රාජ්‍ය බැංකුවලට අඩුවෙන් ලංසූ තබන ලෙස කළ ඉල්ලීමක් ගැන ඉදිර්පත්වූ සාක්ෂි ගැන විමසීමේදී අගමැතිවරයා පැවසුවේ තමන් එවැනි ඉල්ලීමක් සිදු කර නොමැති බවය.

නීතිපතිවරයා ප්‍රශ්නයක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් ගැන සදහනක් කළ අතර එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මහින්දානන්ද අලුගමගේ මන්ත්‍රීවරයාට ඇති චෝදනා සම්බන්ධයෙන් ගොනුවක් නඩු පැවරීම සඳහා මේවනවිට නීතිපතිවරයා සතුව ඇති බව සිනහවෙමින් සඳහන් කළේය.

අගමැතිවරයාගේ සාක්ෂි විමසීම නැරඹීමට එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු අමාත්‍යවරුන් රැසක් කොමිසම හමුවට පැමිණ සිටි අතර කොමිසම නීතිවේදීන්ගෙන්, මාධ්‍යවේදීන්ගෙන් හා මන්ත්‍රීවරුන්ගෙන් පිරී ඉතිරි තිබුණි.

වත්මන් ආණ්ඩුවේ මුල් මාස කිහිපය ඇතුළත සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම පිණිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කළේ පසුගිය ජනවාරි මාසයේදීය.


කොමිසමේ විනිසුරුවරුන්වන්ගේ ඉල්ලීම මත එහි නිල කාලය තුන්වරක් දික්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර එහි අවසන් වාර්තාව දෙසැම්බර් 08 වෙනිදාට පෙර ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරන බව කොමිසමේ විනිසුරුවරු අද ප්‍රකාශ කළහ.

මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවෙ සාක්කි ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ  ස්වේඡාවෙන්ම ඉදරිපත්වීම  මුළු රටටම විශාල ආදර්ශයක් යැයි සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න සහ අගමැතිගේ උත්තර මෙන්න.
බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න සහ අගමැතිගේ උත්තර මෙන්න.
http://ift.tt/2zRCIq5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_495.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_495.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy