වහාම ක්‍රියාත්මක වන පරිදි ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට පිවිසීමට යොදා තිබූ බාධකය ඉවත් කරන ලෙස ජනපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිසමට දන්වා ...
වහාම ක්‍රියාත්මක වන පරිදි ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට පිවිසීමට යොදා තිබූ බාධකය ඉවත් කරන ලෙස ජනපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිසමට දන්වා ඇත.
ෆේස්බුක් සමූහයට ඩිජිටල් ලේකම්වරිය බාල්දි පෙරළයි
අද දිනයේ ෆේස්බුක් ආයතනය සමඟ පැවැත්වෙන සාකච්ඡා මාලාවට තම සහයෝගය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම තරයේ හෙළා දකින බව ෆේස්බුක් පරිවර්තන ශ්‍රී ලංකා සමූහය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ෆේස්බුක් ආයතනය විසින් මෙරට පිහිටුවනු ලැබූ පෙරකී ආයතනය 2014 වසරේ සිට ෆේස්බුක් අඩවිය සිංහල භාෂාවෙන් පරිශීලනය කිරීමට හැකිවන අයුරින් කටයුතු කරන කණ්ඩායම වේ.
ෆේස්බුක් සම්බන්ධව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දියාවේ සිට පැමිණෙන නියෝජිතයින් සමඟ සම්බන්ධවී සාකච්ඡාකොට ගැටලු නිරාකරණය කරගැනීම සඳහා සහභාගී වීමට එම සමූහය විසින් තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගෙන් වෙලාවක් වෙන්කර ගැනීමට උත්සහ කළද ඔහුගේ ලේකම්වරිය එම ඉල්ලීම පිළිනොගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
තවද ශ්‍රී ලාංකේය නාමය ඉදිරියට ගෙන යාමට මෙන්ම ෆේස්බුක් සමාජ ජාලයේ ඉදිරියේදී පැන නැඟිය හැකි භාෂාමය ගැටලු සහ අනෙකුත් ගැටලු නිරාකරණය කිරීම මෙන්ම මෙරටට ආවේණික වූ සමාජ මාධ්‍ය ජාලයක් නිර්මාණය කර ගැනීම පිළිබඳ කතිකාවත ඇරඹීමට පිඹුරුපත් සැකසීම වැනි වැදගත් ක්‍රියාවන් රැසක් අද දිනයේදී සාකච්ඡාවට සහභාගී නොකර ගැනීමෙන් ගිලිහෙන බවද ඔවුන් එම නිවේදනයෙන් අවධාරණය කර සිටී.
එමෙන්ම මේ ක්‍රියාව හේතු කොට ගෙන එම සමූහයේ සහ සමාජ මාධ්‍යජාලවල සිංහල භාෂාව භාවිතා කරන්නන්ගේ බලවත් අප්‍රසාදය අදාළ අමාත්‍යංශයටත් අදාළ ලේකම්වරියටත් පල කර සිටී.

COMMENTS