අයවැයේ දී මුදල් ඇමතිවරයා ක්‍රියා කොට තිබුණේ මධ්‍යසාර පිළිබඳ ලෝක සම්මත ක්‍රමයක් අනුව වන බැවින් එය කිසිසේත්ම වැරදි නැතැයි විශේෂ ව්‍යාපෘති අම...
අයවැයේ දී මුදල් ඇමතිවරයා ක්‍රියා කොට තිබුණේ මධ්‍යසාර පිළිබඳ ලෝක සම්මත ක්‍රමයක් අනුව වන බැවින් එය කිසිසේත්ම වැරදි නැතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
ලෝක සම්මත ක්‍රමය අනුව මධ්‍යසාරවල සැරකම අනුව බද්ද වැඩිවන බවත් මේ චක්‍රය පසුගිය කාලයේ ක්‍රියාත්මක නොවු බවත් එය ක්‍රියාත්මක කිරීම නිවැරදි දෙයක් යැයි තමන් හිටපු මුදල් ඇමතිවරයෙකු ලෙස පිළිගන්නා බවත් හෙතෙම කියා සිටියේය.
මේ වනවිට හැම ගමකම කසිප්පු ඇති බව ද, මත්පැකට් වසංගතයක් වී ඇති බවද කී අමුණුගම මහතා මේ පිළිබඳ කිසිවෙකු කතා නොකරන්නේ යැයි ද කීවේය.
සමාජ විද්‍යාඥයකු වන තමන් කසිප්පු වෙළඳාම හා දේශපාලනයේ ඇති සබඳතාව හොඳින් දකින්නේ යැයි ද අමාත්‍යතවරයා සඳහන් කළේය.
පවතින තත්ත්වය යටතේ ඉදිරි මැතිවරණවලදී පාර්ලිමේන්තුව, පලාත් සභා මෙන්ම පලාත් පාලන ආයතන කසිප්පු ජාවාරම් කරුවන්ගෙන් පිරී යන බවට අනුමාන කළ හැකි යැයි ද හෙතෙම පැවසීය.
අමුණුගම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS