දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

'මුදල් ඇමති වැරදියි' - 'කිසිදු අවිශ්වාසයක් නෑ' මුදල් රාජ්‍ය ඇමති කියයි  

පසුගිය වසර අට ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් ඉල්ලා සිටි වාර්තාවක් තමන්ට ලබා නොදී පොදු ව්‍යාපාර කාරක ...

'මුදල් ඇමති වැරදියි' - 'කිසිදු අවිශ්වාසයක් නෑ' මුදල් රාජ්‍ය ඇමති කියයි  

පසුගිය වසර අට ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් ඉල්ලා සිටි වාර්තාවක් තමන්ට ලබා නොදී පොදු ව්‍යාපාර කාරක සභාවට (COPE) ලබා දී ඇති බවට මුදල් අමාත්‍ය රවි කරුණානායක කරන චෝදනාව වැරදි ප්‍රකාශයක් බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි.

“මේ විගණකාධිපති හිතුමතේ, තමන්ගේ කාර්යභාරය ඉක්මවා ගිහිල්ලා කටයුතු කරලා තියෙනව කියන එක පේන්න තියන සාධකයක්. මේක අහන දේට උත්තර දෙන්නේ නැතිව වෙනින් තැනකට ගිහිල්ල උත්තර දෙනවා,“ යනුවෙන් අමාත්‍ය රවි කරුණානායක පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

එහෙත් එය වැරදි ප්‍රකාශයක් බවත් ජනවාරි 17 වැනිදා තමා මුදල් ඇමැතිවරයාට එම වාර්තාව ලබාදූන් බවත් එම වාර්තාව ලබාදුන් බව ඇමැතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා තමාට ලිඛිතව දැනුම්දුන් බවත් විගණකාධිපතිවරයා සඳහන් කළේය.

"ඊට අමතරව මේක කෝප් එකේ සාකච්ඡාවෙමින් පවතින කාරණයක්නේ. ඒ නිසා මම ඒ වෙලාවෙම කෝප් එකේ සභාපතිට පිටපතක් යැවුවා, ඊළඟට මහ බැංකුවේ අධිපතිටත් පිටපතක් යැවුවා." යැයි විගණකාධිපතිවරයා බීබීසී සංදේශයට සඳහන් කර තිබේ.

රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වයේ විනිවිද පෙනෙන සුළු ස්වභාවය ප්‍රවර්ධනය කිරීම පිණිස ක්‍රියාකරන සිය ආයතනයට සිය වාර්තාවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බැවින් තමන් ඒ මොහොතේම එම වාර්තාව සිය නිල වෙබ් අඩවියේද ප්‍රකාශයට පත්කළ බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

එසේ තිබියදී දිගින් දිගටම මුදල් අමාත්‍යවරයාගේ විවේචනයට ලක්වීම මගින් පැහැදිලිවන්නේ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය පිළිබඳව ආණ්ඩුවේ පැහැදිලි බෙදීමක් පවතින බව නොවේදැයි විමසූ අවස්ථාවේ විගණකාධිපතිවරයා කියා සිටියේ, තමන් නිසි පරිදි සිය රාජකාරිය ඉටුකරන අතර විවිධ පුද්ගලයන් ඒ පිළිබඳව විවිධ අර්ථකතන ලබාදීමට ඉඩ තිබෙන බවයි.

පරිවර්තන දෝෂයක්?

මේ අතර මහත් ආන්දෝලනයට ලක් වූ බැඳුම්කර ගනුදෙනුව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නොවන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය පිළිබඳව විමසූ විට විගණකාධිපතිවරයා කියා සිටියේ, අමාත්‍යවරයා පවසන ජාත්‍යන්තර ප්‍රමිතිය කවරක්දැයි තමන් නොදන්නා බවයි.

“ලෝක බැංකුව එහෙම දෙයක් කියල නැහැ. මම දුන්නේ professional statement එකක්. මේ ආණ්ඩුවේත් ප්‍රධාන සටන් පාඨය යහපාලනය. මගේ සටන් පාඨයත් යහපාලනය තමයි. ඒ දෙකේ ගැටුමක් ඇතිවෙන්න කිසිම හේතුවක් නැහැ." ඔහු පැවසීය.

"ලෝක බැංකුව කියල තියෙනව - We are not aware of international best practises to accurately calculate the potential loss in the case of the bond auction - කියල. ඒක ඉතින් කොහොම පරිවර්තනය කරාද දන්නේ නෑ," විගණකාධිපති ගාමිණී විජේසිංහ වැඩිදුරටත් පැවසී ය.

දෙස්, විදෙස් ගෞරවයට ලක්වී නව මහ බැංකු අධිපතිවරයා සහ විගණකාධිපතිවරයා වැනි නිලධාරීන් පත්කළේ තමා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කොළඹ පැවති උත්සවයක් අමතමින් පැවසී ය.

කිසිදු අවිශ්වාසයක් නෑ

මේ අතර පසුගියදා මහබැංකුව නිකුත් කරන ලද බැදුම්කර වාර්තාව තමන්ට නොදී කෝප් කමිටුවට ලබාදුන් බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක සිදුකළ ප්‍රකාශයත් සමඟ බැඳුම්කර ගණුදෙනු පිළිබඳ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මාතර ප්‍රදේශයේ ඊයේ (29) පැවති උත්සවයකින් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා පැවසූයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව සම්බන්ධයෙන් කිසිදු අවිශ්වාසයක් නොමැති බවයි.

“මේ තනතුර ස්වාධීන තනතුරක්. මේ තනතුර පාර්ලිමේන්තුවට තමයි වග කියන්නේ. නැතුව මේ කිසිම ඇමතිවරයෙකුට විගණකාධිපති වගකියන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ පත්වීම් කරන්නේ ජනාධිපතිතුමාගේ අනුමැතිය යටතේ. ඒ වගේම අපිට විගණකාධිපති ගැන විශ්වාසයක් තියෙනවා. මොකද එතුමා තමන්ගේ කටයුත්ත නිසියාකාරව ඉෂ්ඨ කරලා තියෙනවා. ඍජුව උත්තර දීලා තියෙනවා සමහර තැන්වල. ඉතින් යම් යම් අය මත ප්‍රකාශ කරනවා. මම හිතන්නේ අපිට අයිතියක් නැහැ ස්වාධීන පුද්ගලයෙක් පිළිබඳ එහෙම මතයක් ප්‍රකාශ කරන්න. ස්වාධීන පුද්ගලයෙකු පිලිබඳ එහෙම මතයක් ප්‍රකාශ කරන්න. එහෙම තීන්දුවක් ගන්න ව්‍යවස්ථාදායක සභාවක් තියෙනවා. ජනාධිපතිතුමා ඉන්නවා.’’ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, සමාජවාදී ජනතා පෙරමුණේ එහි ප්‍රධාන ලේකම් නීතීඥ රාජා කොල්ලූරේ මහතා කොළඹ අද(30) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ විගණනාධිපතිවරයාගේ කටයුතුවලට මැදිහත්වී විවිධ චෝදනා එල්ලකිරීම හෙළා දකින බවයි.

“විගණකාධිපතිතුමාට විරුද්ධව චෝදනා එල්ල කිරීම ඇත්ත වශයෙන්ම නිහීන ක්‍රියාවක්. ඉහළ නිලධාරියෙකුට විරුද්ධව මේ වගේ චෝදනා එල්ල කිරීම දේශපාලනයට පටහැනියි. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා කියා සිටියේ විගණකාධිපතිතුමාගේ වාර්තාව නිසි ආකාරයට සකස් කර නැතැයි කියලා ලෝක බැංකුවේ නිලධාරින් ප්‍රකාශ කළා කියලා. විජේසිංහ මහත්තයා කියපු විදිහට ඔහු වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ ලෝක බැංකුවට නෙවෙයි. ඔහු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හා විගණන නීතිය අනුව රීතිය අනුව ඒ කාර්ය නිසි ආකාරයෙන් ඉෂ්ඨ කරලා තියෙනවා. එහෙම තිබියදී ඔහුගේ වාර්තා සුළු කොට තැබීම අපිට කිසිසේත්ම පිළිගන්නට පුළුවන් කමක් නැහැ. දැන් මුල ඉඳලම උත්සාහ කරනවා ඔහුගේ වාර්තා ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව බැඳුම්කර මගඩිය වසා ගැනීමට. මහේන්ද්‍රන් මහත්තයා බේරා ගැනීමට.’’ නීතීඥ රාජා කොල්ලූරේ මහතා වැඩිදුරටත් පැවසී ය.

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මුදල් ඇමති වැරදියි' - 'කිසිදු අවිශ්වාසයක් නෑ' මුදල් රාජ්‍ය ඇමති කියයි  
'මුදල් ඇමති වැරදියි' - 'කිසිදු අවිශ්වාසයක් නෑ' මුදල් රාජ්‍ය ඇමති කියයි  
http://ift.tt/2kJwXR0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_632.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_632.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy