නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුලපිටිය ප‍්‍රාදේශිය ලේකම්වරියට බැන තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ ...
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුලපිටිය ප‍්‍රාදේශිය ලේකම්වරියට බැන තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (30) අදහස් දැක්වීය.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දේශපාලඥයකුගේ කාර්යභාරය මැනවින් තේරුම් ගත යුතු බව හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට මහින්ද රාජලක්ෂ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
ප්‍රශ්නය : විගණකාධිපතිවරයාට විවිධ බලපෑම් කරමින් රජය ක්‍රියා කරනවා මේ ගැන මොකද කියන්නේ?
පිළිතුර : විගණකාධිපතිවරයා කාටවත් යටත් නැහැ. ඔහු මුදල් ඇමතිට හෝ වෙන අයෙකුට වග කියන්න බැඳිලා නැහැ. ඔහු වග කියන්නේ ජනාධිපතිවරයාට පමණයි.
ප්‍රශ්නය : රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රාදේශීය ලේකම්වරියට දුරකථනයෙන් තර්ජනය කිරීම හොඳයිද?
ඒකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. මේකට ප්‍රාදේශීය සේවකයාට තර්ජන කරන්න කිසිම දේශපාලඥයෙකුට බෑ. දැන් බලනකොට මර්වින් සිල්වාටත් අන්තයිනේ.
වීඩියෝව පහතින්
COMMENTS