ජනප්‍රිය කලාකරුවන් වන ක්‍රිෂාන්ත එරන්දක, අර්ජුන් කමලනාත් සහ ප්‍රියංකර පෙරේරා 2015 වසරේ ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ස්වෙ...
ජනප්‍රිය කලාකරුවන් වන ක්‍රිෂාන්ත එරන්දක, අර්ජුන් කමලනාත් සහ ප්‍රියංකර පෙරේරා 2015 වසරේ ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායෙන් මාසිකව වැටුප් හා ආහාර දීමනා ඇතුළුව රුපියල් 60,000 කට ආසන්න ප්‍රමාණයක් වංචා සහගතව ලබාගෙන ඇති බව යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම ජනප්‍රිය කලාකරුවන් තිදෙනා මෙසේ යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායට නාමිකව බඳවාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නියෝගය මත බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙලිදරව් වී තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ වැටුප් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සනත් පෙරේරා මේ බව විමර්ශනවලදී පිළිගෙන ඇති අතර කාන්තා මේජර් වඩුමෙස්ත්‍රී හා කාන්තා මේජර් සුසිරා පෙරේරා ඒ බව තහවුරු කොට ඇත.
ජනප්‍රිය ගායක ක්‍රිෂාන්ත එරන්දක සෙ/2ඕ-02044 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙකු වශයෙනුත්, ජනප්‍රිය නළු අර්ජුන් කමලනාත් සෙ/2ඕ-02045 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙක වශයෙනුත් ගායක ප්‍රියංකර පෙරේරා තවත් යුද හමුදා සැරයන්වරයෙකු වශයෙනුත් වසර ගණනාවක් තිස්සේ මෙම නීතිවිරෝධි ක්‍රියාවේ නිරත වී ඇත්තේ නාමල් රාජපක්ෂගේ මගපෙන්වීම යටතේය.
මෙම අනීතික ක්‍රියාව පොදු දේපල පනතට වැටෙන්නක් බැවින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පරීක්ෂණයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකොට තිබේ.
(LNW)
COMMENTS