ඒ පිළිබඳව තවදුරටත් සිය අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, '' වැලිකඩ ඉන්න පුළුවන් රැඳවියන් 3000 වුණත් මේ වන විට 5000 ට වඩා රදවා සිටින...
ඒ පිළිබඳව තවදුරටත් සිය අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
'' වැලිකඩ ඉන්න පුළුවන් රැඳවියන් 3000 වුණත් මේ වන විට 5000 ට වඩා රදවා සිටිනවා. අටයි අටේ කාමරයක සිරකරුවන් අටක් නවයක් රදවා තියෙනවා. ඔවුන් එහි සිර කළ පසු ඔවුන්ට වැසිකිළි කැසිකිළි යාමේ අයිතිවාසිකම පවා උල්ලංඝනය වෙනවා . .'' යනුවෙනි.
මෙම තත්වයට දැඩි සේ මුහුණ දෙන්නේ මරණ දණ්ඩනය ලැබූ සිරකරුවන් හා දීර්ඝ කාලීන සිරදඬුවම් ලැබූ සිරකරුවන් බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.
මැන්ඩෙලා න්‍යාය
සිරකරුවන්ට සැළකීම පිළිබදව වන ජාත්‍යන්තර න්‍යායන් පිළිබඳවද සිය අදහස් දැක්වූ නීතිඥ සේනක පෙරේරා, ජාත්‍යන්තරව පිළිගත් න්‍යායයක් වන නෙල්සන් මැන්ඩෙලා න්‍යාය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් අනුමත කරන ලද මූලධර්ම පිළිබඳවද කරුණු දැක්වීය. ඒ අනුව අඩි අටයි අට ප්‍රමාණයේ එක් සිරමැදිරියක රැඳවීමට හැක්කේ එක් සිරකරුවෙකු පමණක් වුවත් අද වනවිට වැලිකඩ බන්ධානාගාරයේ එවැනි සිරමැදිරියක සිරකරුවන් හතක් හෝ අටක් පමණ රඳවා සිටින බව බව ඔහු විසින් පෙන්වා දෙනු ලැබීය.
තවද 2012 වර්ෂයේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීම බන්ධනාගාර තුළ සිටින රැඳවියන්ට අමනුෂ්‍යයන් හට සළකන ආකාරයට සළකන බවට කදිම නිදසුනක් බවද ඔහු කියා සිටියේය.
“ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ඉතිහාසය තුළ අවස්ථා කිහිපයකදී සමූල ඝාතන රැසක් සිදු වී ඇතත්, ඒ එකක් සම්බන්ධයෙන් හෝ සාධාරණ පරීක්ෂණයක් සිදුවෙලා නැහැ. අපි දන්නවා මෑත ඉතිහාසයේ බන්ධනාගාරයක් තුළ සිදු වූ ම්ලේච්ඡතම සමූල ඝාතනය තමයි 2012 වසරේ සිදුවු වැලිකඩ ඝාතනය. එහිදී රැඳවියන් 22 ක් එස්.ටී.එෆ් එක ඝාතනය කරනවා. මෙහි තිබෙන බරපතලම කාරණය තමයි, සිරකරුවන්ගේ නම් කියමින් ඔවුන් ව හොය හොයා ඝාතනය කිරීම. කෞතුකාගාරයෙන් කඩුවක් හොරකම් කරා කියලා සැකපිට අත්අඩංගුවේ හිටපු සංඛ නැමැති සැකකරුත් මෙහිදී ඝාතනය වෙනවා. එ්කෙන්ම තේරුම් යනවා වැලිකඩ ඝාතනය සැලසුම් සහගත ඝාතනයක් මිස අහඹු සිදුවීමක් නොවන බව. මේ සිද්ධිය යට ගහන්න මහින්ද රාජපක්ෂ රජය කොමිසමක් පත් කළා. ඒ වෙලේම මේ රජයත් වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කොමිසමක් පත් කළා. එකේ වාර්තාව පිට වෙලා. මේ වන විට වසර 2ක් ගතවී ඇතත්, මෛත්‍රී රජය මේ වන තෙක් එය ප්‍රසිද්ධ කරලා නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සෙවෙල බණ්ඩක්කා පතෝල න්‍යාය නිසයි එහෙම වෙලා තියෙන්නේ.‘‘...යැයි ඔහු පවසා සිටියේය .
දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය කණගාටුදායක බව පවසන නීතිඥ සේනක පෙරේරා මහතා මේ වන විට කිසිදු චෝදනාවක් නොමැතිව වසර 15 ට වැඩි කාලයක් සිර දඬුවම් විදින දේශපාලන සිරකරුවන් විශාල පිරිසක් සිටින බව පෙන්වා දෙයි.
ඒ අනුව ඔහුගේ අදහස වූයේ,
“මේ වන විට ලංකාවේ සිර ගෙවල් තුළ දේශපාලන සිරකරුවන් 160 ක් සිටිනවා. ඔවුන්ගෙන් වැඩි දෙනා දෙමළ සිරකරුවන් වීම විශේෂයි. අපි දන්නවා මරණීය දණ්ඩනයට ලක්වූ අය පවා ජනාධිපති පොදු සමාව යටතේ වසර දෙකක් තුළ නිදහස් වී තිබෙනවා. මේ සිරකරුවන් වසර දහය පහළොවක් කිසිදු චෝදනාවක් නොමැතිව සිරදඩුවම් විඳිනවා. මේ තත්ත්වය ඉතා ඉක්මණින් වෙනස් නොවුණහොත්, ඉදිරියේදීත් අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්වීම වළක්වන්න බැරි වෙනවා.“
“ වැලිකඩ බන්ධාගාරයේ සිටින සිරකරුවන්ට ලබාදෙන කෑම වේලට අඩුම ගානේ තුනපහ ටිකවත් දාන්නේ දන්නේ නෑ, ඔවුන් සෞඛ්‍ය සායන වලට ඉදිරිපත් කිරීමේදී පවා බොහෝ අකටයුතුකම් සිදුවෙනවා, සායන සදහා රැගෙන යන රෝගීන් සායනයට ඉදිරිපත් නොකර බන්ධනාගාර බස්රථයේ රඳවාගෙන සිට රැගෙන එන අවස්ථාත් තියෙනවා. බොහෝවිට දොස්තරලා රෝගී රැඳවියන් බලන්නේ ඉතා පිළිකුලෙන්“ යැයි බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබද කමිටුවේ සභාපති වරයා තවදුරටත් සිය අදහස් ප්‍රකාශ කර සිටියේය.
බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබද කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා ද මේ ගැන කරුණු දැක්වූ අතර ඔහුගේ අදහස වූයේ,
අවුරුදු 13 1/2 රට වඩා සිරදඬුවම් විඳින , විසි අවුරුදු සමාව සිව් වස් සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමට නීතිය මගින් ප්‍රතිපාදන ඇතිමුත් එය හුදු ජනාධිපතිවරයාගේ උවමනාවට පමණක් සීමා කර තිබෙන බවයි. එමෙන්ම මේ තත්වය නිසා වැඩිවන සිරකරුවන් හට බන්ධනාගාර සෑදීම මෙම ගැටළුවට පිළියමක් නොවන බව ද ඔහු කියා සිටියි.
ප්‍රභූ පන්තියට විශේෂ වරප්‍රසාද
ප්‍රභූ පන්තියට ලැබෙන විශේෂ වරප්‍රසාද පිළිබදවද අදහස් දැක්වූ ඒ මහතා ,
'' ප්‍රභූ පන්තියට පමණක් විශේෂ වරප්‍රසාද ලබාදීම බන්ධනාගර තුළද සිදුවෙනවා. මිනී මැරුමකට වරදකරු වූ මිල්රෝයි ප්‍රනාදු මහතාගේ බිරිඳ මෙන්ම ඇන්ටන් අප්පු යන අය වසර දෙක හමාරක් වැනි සිරදඬුවමකින් පසුව නිදහස් කිරීම එයට කදිම නිදසුනක් වෙනවා. නමුත් මෙම වරප්‍රසාද සෑම සිරකරුවෙකු හටම එකලෙස ලැබිය යුතුයි“ යැයි කියා සිටියේය. තවද,
'' ආණ්ඩු මාරු උනත් ප්‍රභූ පන්තියේ සිරගතවූවන් වරප්‍රසාද ලැබූ පිරිසක් ලෙස කටයුතු කරනවා. සරත් ෆොන්සේකා සිරගත කළාම ඔහුට නියමිතව තිබුණේ මුද්‍රණ අංශයේ වැඩ. නමුත් ඔහු එක දවසකවත් එහි වැඩට ගියේ නෑ ''
විශෝධනය නෑ.... ප්‍රමාණවත් නෑ...
සිරගෙවල් තියෙන්නේ විශෝධන මධ්‍යස්ථානයක් ලෙස නමුත්, සිර ගෙවල් තුළ ඒක සිදුවන්නේ නෑ. බන්ධනාගාර නිලධාරීන් රැඳවියන්ට කතාකරන්න දන්නේ නෑ. ඔවුන් එතුළින් තවත් දරුණු වෙනවා, අපරාධකරුවන් නිවැරදි මාවතකට ගැනීමේ ක්‍රමයක් තිබිය යුතුයි. ඒක කරන්න ඕන බන්ධනාගාර තුළ සිදුකෙරෙන පුනරුත්ථාපනය මගින්. නමුත් අද ඔවුන් වැරදිකරුවන් ලෙස සමාජ ගතකර තිබීම නිසා ඔවුන් නිවැරදිකරුවන් ලෙස තවදුරටත් සමාජයේ කටයුතු නොකිරීමේ ප්‍රවණතාවය වැඩි වී තිබෙන බවත් වැරදිකරුවන් නිසි අයුරින් විශෝධනය කර ඔවුන් කෙරෙහි සමාජයේ තිබෙන වැරදි සහගත ආකල්පය දුරු කළ යුතු බවද ඔහු කියා සිටියේය.
- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS