භාණ්‌ඩාගාර බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂිදීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පැමිණීමට නියමිතය. අගමැතිවරයා කැඳව...
භාණ්‌ඩාගාර බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂිදීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පැමිණීමට නියමිතය.
අගමැතිවරයා කැඳවිය යුතු බවට කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ඉකුත් 02 වැනිදා කොමිසම හමුවේ කළ විශේෂ ප්‍රකාශයක් අනුව අගමැතිවරයා අද කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැඳවා ඇත.
අගමැතිවරයාගෙන් මෙහිදී නීතිපතිවරයා විසින් ප්‍රශ්න කිරීමට නියමිතය.
බැදුම්කර ගණුදෙනුවට අදාලව ලිඛිත ප්‍රශ්නාවලියක් කොමිසම විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබිණි.
ඒ අනුව එම ප්‍රශ්නාවලියට ද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු යවා ඇති අතර මෙම පිළිතුරු සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙලෙස බැදුම්කර කොමිසමට කැඳවා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් බැදුම්කර ගණුදෙනුවට අදාළව පමණක් මෙහිදී ප්‍රශ්න කෙරෙන බව බැදුම්කර කොමිසම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දී තිබේ.
COMMENTS