දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ රාජකීයයේ තරුණ දරුවන් දෙදෙනෙක් මාරක රිය අනතුරින් ජීවිතය දමා යති
Homeප්‍රවෘත්ති

කොළඹ රාජකීයයේ තරුණ දරුවන් දෙදෙනෙක් මාරක රිය අනතුරින් ජීවිතය දමා යති

PropellerAds

මෙම දරුවන් පිරිස, අද පැවැත්වීමට නියමිත ව තිබූ රාජකීය විද්‍යාල මාධ්‍ය ඒකකය විසින් පැවැත්වීමට සැලසුම් කළ ‘ඉන්ටෙන්ස් 2017’ (Intense 2017) සඳ...

සිසුවෙකුට පහරදුන්නැයි සිසුන් 3ක් අත්අඩංගුවට
අයවැය නොවැම්බර් 10දා මැතිසබේට
විමල් අද FCIDයට
කොළඹ රාජකීයයේ තරුණ දරුවන් දෙදෙනෙක් මාරක රිය අනතුරින් ජීවිතය දමා යති

මෙම දරුවන් පිරිස, අද පැවැත්වීමට නියමිත ව තිබූ රාජකීය විද්‍යාල මාධ්‍ය ඒකකය විසින් පැවැත්වීමට සැලසුම් කළ ‘ඉන්ටෙන්ස් 2017’ (Intense 2017) සඳහා අද අළුයම වන තෙක් සියලු උත්සව සංවිධාන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව සිසුවෙකුගේම මෝටර් රියකින් නිවෙස් බලා යමින් සිටින අතරවාරයේ මෙම අවාසනාවන්ත අනතුර සිදුවී තිබේ.

රියැදුරු අසුනේ සිටි අමාන් කිචිල් නමැති දරුවා එම ස්ථානයේදීම ජීවිතය හැරගිය අතර විශ්වාස කෙරෙන්නේ රිය පදවන අතර අධික වෙහෙස නිසා නින්ද යාම නිසා මේ විපත සිදුවන්නට ඇති බවයි.

අනතුරින් සිසුන් හත් දෙනෙක් තුවාළ ලැබූ අතර එක් අයෙකුගේ මොළය සම්පූර්ණයෙන්ම අක්‍රිය වීම හේතුවෙන් එම දරුවා අංශභාග තත්වයට ගොදුරු වී සිටියි.
‘ඉන්ටෙන්ස් 2017’ උත්සවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

මේ අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ දුන් දරුවන්, ජීවිතයේ එළිපත්තේ හිඳි, පාසලට ආලෝකයක් ගෙන දීම සඳහා කැපවෙමින් දිවා රෑ නොබලා වෙහෙස වුණු තරුණ ජීවිත ය.

කොළඹ ජනප්‍රිය පාසල්වල දරුවන් අසීමාන්තික ලෙස බාහිර වැඩ සඳහා යොමු කරන බවට චෝදනාවක් කලෙක පටන් පවතියි. ඇතැම් දෙමාපියන් පවසන්නේ දරුවන්ට ඇතැම් විටදී විභාග සමත් වනවාටත් වඩා වැඩි වෙහෙසක්, කාලයක් මෙන්ම මුදල්ද, බාහිර සහ විෂය සමගාමී කටයුතු සඳහා අමතරව යොදවන්නට සිදුවී ඇති බවයි. අද අළුයම හටගත් මෙම සිද්ධිය ගැඹුරින් විශ්ලේෂණය කර බැලිය යුතුව තිබෙන්නේ එනිසා ය. මෙම දරුවන් පාසල වෙනුවෙන් සිදුකරන මෙවැනි අමතර කැපවීම්වලදී ඔවුන්ගේ ජීවිත පිළිබඳ වගකීමක් පාසලට නොතිබේද? දැඩි උනන්දුව, තරුණ ජවය හෝ සිය කැමැත්ත නිසා හෝ මේ දරුවන් වේලාව-අවේලාව නොබලා එම කටයුතුවල යෙදෙන විට ඒ පිළිබඳ පාසලට ඇති අසීමාන්තික වගකීම නිර්වචනය කළ හැක්කේ කෙසේද?

- අමාලි ජයවීර

 

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ රාජකීයයේ තරුණ දරුවන් දෙදෙනෙක් මාරක රිය අනතුරින් ජීවිතය දමා යති
කොළඹ රාජකීයයේ තරුණ දරුවන් දෙදෙනෙක් මාරක රිය අනතුරින් ජීවිතය දමා යති
http://ift.tt/2AEUqe8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_360.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_360.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy