හොරු අල්ලන්න ආපු එවුන්ට උන්වම අල්ලගෙන ඉන්න වෙලා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බ...
හොරු අල්ලන්න ආපු එවුන්ට උන්වම අල්ලගෙන ඉන්න වෙලා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කඩුවෙල පැවති ජනහමුවක් අමතමිනි.
එහිදී ඒ විමල් විරවංශ මහතා මෙසේ අදහස් දැක්වීය.
“බනානා සුජී. ඇලෝසියස්ට කෝල් දෙසිය හැත්තෑ ගාණක් දීලා අහුවෙලා පච වෙලා. නැට්ටේ හිටන් ගොම ගාගෙන දැන් ඉන්නවා හෝන්දු මාන්දු වෙලා. බනානා සුජී අහනවා තමන්ගේ ආණ්ඩුවේ ජනාධිපතිගෙන් යූ.එන්.පීයේ හොර අල්ලන්න මොකටද මේ බැඳුම්කර කොමිසම දැම්මේ? එහෙනම් අනිත් ඒවටත් දාන්න ඕනෙනේ. ඔය බනානා සුජී ඇලෝසියස් එක්ක කෝප් කමිටුවේ ඉන්න ගමන් හුරතල් වෙලා තියෙනවා දුරකථන ඇමතුම් දීලා. ආවේ හොරු අල්ලන්න. දැන් උන්ටම උන් අල්ලගෙන ඉන්න වෙලා තියෙන්නේ. දැන් ඇතුලේ කකුල් මාට්ටුව දැන් ගැලවෙන්න යන්නේ.”
COMMENTS