පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතා විසින් කෝප් කමිටු සාමාජිකයින් 5දෙනෙකුට ලබා දුන් දුරකථන ඇමතුම් ප්‍රකාශයට පත් වීම ...
පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතා විසින් කෝප් කමිටු සාමාජිකයින් 5දෙනෙකුට ලබා දුන් දුරකථන ඇමතුම් ප්‍රකාශයට පත් වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවන බව කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ අයවැය විවාදයට පෙර සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ කෝප් කමිටු සාමාජිකයන්ගේ දුරකථන ඇමතුම් ප්‍රසිද්ධ කිරීම පිලිබඳ තීරණයක් කෝප් කමිටු සාමාජිකයන්ගේ දුරකථන ඇමතුම් ප්‍රසිද්ධ කිරීම පිලිබඳ තීරණයක් ගැනීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස කරනු ලැබූ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනි.
සභානායකවරයාගේ ඉල්ලීම ඉදිරිපත් වීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, රංජිත් සොයිසා සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන අයද අදහස් පළ කළේය.
COMMENTS