කොළඹ - පුංචි බොරැල්ල ප්‍රදේශයේදී අද(19) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ පුංචි බොරැල්ල - බී.ඩබ්ල...
කොළඹ - පුංචි බොරැල්ල ප්‍රදේශයේදී අද(19) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ පුංචි බොරැල්ල - බී.ඩබ්ලිව්. ප්‍රනාන්දු මාවතේදී නාලන්ද විද්‍යාලය අසළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති අතර, ඒ අසළ තිබී මිලිමීටර 9 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන හිස් කොපු 6 ක්ද සොයාගෙන තිබේ.
මියගොස් ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 ක් පමණ වන පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇත.
ඔහු ත්‍රී රෝද රථය පදවාගෙන යමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බවට පොලීසිය සැක කරයි.
බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS