දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිපය - ඒකාබද්ධ දීගය හරියන ලකුණු? [තීරණාත්මක සාකච්ඡාවක්]
Homeගොසිප්

ශ්‍රීලනිපය - ඒකාබද්ධ දීගය හරියන ලකුණු? [තීරණාත්මක සාකච්ඡාවක්]

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර අනිද්දා (28) දිනයේ යළි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ. පාර්ශව දෙකෙහි විශේෂ නියෝජිතයන...

ලංකාවට එරෙහි ජාත්‍යන්තර මැදිහත්වීමක අවධානමක්.
මහනුවරට සම්බන්ධ මන්ත්‍රීවරු හෙළිකරන්න සුදානම් : පොහොට්ටුව නොසන්සුන්.
සමාජ ජාල අත්හිටුවීම සාර්ථකයි - පූජිත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර අනිද්දා (28) දිනයේ යළි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.

පාර්ශව දෙකෙහි විශේෂ නියෝජිතයන් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවලින් අනතුරුව එම එකඟතාවට පැමිණි බව ඊට සහභාගී වූ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය.

දෙපාර්ශවයේ යෝජනා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

එහිදී ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කර හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීමට තීරණය කෙරුණු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටියදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමේ ගැටළු පවතින බව අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතාවට පිළිගත හැකි එකඟතාවකට එළඹෙන්නේ නම් ඉදිරි ඡන්ද විමසීම්වලදී එක්ව තරඟ කිරීම පිළිබඳ සළකා බැලිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රීලනිප ආණ්ඩුවක් !

අදාළ සාකච්ඡා සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහභාගිවූ අතර ඒකාබද්ධ විපක්ෂය පාර්ශවය නියෝජනය කරමින් පාලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී.රත්නායක, මහින්ද යාපා අබේවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි එක්ව සිටියේය.

මේ අතර ගාල්ල - රත්ගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියා සිටියේ නිදහස් පක්ෂ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යමින් ආණ්ඩුවක් පිහිටුවීම සියලූදෙනාගේ අපේක්ෂාව බවයි.

එජාපයත් එකට එක :

කෙසේවුවද එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පවසන්නේ, මහ ආණ්ඩුව රනිල් සමගත් පුංචි ආණ්ඩු මහින්ද සමගත් කරගෙන යාමට ශ්‍රීලනිපයට අදහසක් ඇත්තේ නම් කිසිසේත් ම ඊට ඉඩදිය නොහැකි බවයි.

එක්සත් ජාතික පක්‍ෂයට තනි ආණ්ඩුවක් සෑම සදහා මේ වන විට සියළු සාකච්චා කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒකාබද්ද විපක්‍ෂය සමග එක්ව පළාත් පාලන මැතිවරණයට තරග වදින්න අදහසක් ඇත්තේ නම් වහා ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසත් එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දන්වා සිටී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29320,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිපය - ඒකාබද්ධ දීගය හරියන ලකුණු? [තීරණාත්මක සාකච්ඡාවක්]
ශ්‍රීලනිපය - ඒකාබද්ධ දීගය හරියන ලකුණු? [තීරණාත්මක සාකච්ඡාවක්]
http://ift.tt/2i7KjtM
https://i.ytimg.com/vi/CTzZ4Kl3aXw/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_258.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_258.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy