දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනුවරට සම්බන්ධ මන්ත්‍රීවරු හෙළිකරන්න සුදානම් : පොහොට්ටුව නොසන්සුන්.
Homeගොසිප්

මහනුවරට සම්බන්ධ මන්ත්‍රීවරු හෙළිකරන්න සුදානම් : පොහොට්ටුව නොසන්සුන්.

PropellerAds

මහනුවර ප්‍රදේශයේ කලහකාරී සිද්ධිවලට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න රහස් පොලිස් වාර්තාව තමන්ට ලැබුණු පසුව පාර්ලිමේන්තුවට ද...

විවාහයෙන් පසු මුල්වරට පූජා කතා කරයි
රත්නසිරිගේ නිල නිවස සම්බන්ධන්ට
නවතා තිබූ ලොරිය කොට උඩ තබා ටයර් උස්සලා

මහනුවර ප්‍රදේශයේ කලහකාරී සිද්ධිවලට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න රහස් පොලිස් වාර්තාව තමන්ට ලැබුණු පසුව පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව කථානායක කරු ජයසූරිය මහතා අද (08දා) පැවසීය.

හමුදා ප්‍රධානීන් හා පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග මේ දිනවල තමන් දිනකට අවස්ථා තුනකදී සාකච්ඡා කරන බවද කථානායකවරයා සඳහන් කළේය.

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න ඇමතිවරයා සඳහන් කළ මන්ත්‍රීවරුන් දෙදෙනා කවුරුන් දැයි ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළ අවස්ථාවේදී කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේය.

තෙල්දෙණියේ ඇතුළු මහනුවර තදාසන්න ප්‍රදේශවල එල්ලකෙරෙමින් තිබෙන ජාතිවාදී ප්‍රහාරයන් මෙහෙයවීමේ චෝදනාව ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ශවය වෙත යොමුවීම ගැන ලැබුණු තොරතුරක් හේතුවෙන් එම පාර්ශවය දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇති බව වාර්තා වෙයි.

අදාළ තොරතුර සම්බන්ධව විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ඒ බව තහවුරු කර සිටි අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ආරක්ෂක ආරංචිමාර්ග වෙතින් තම පාර්ශවයට ඒ බව දැනගන්නට ලැබුණු බවය.

රාජිත ඇමතිගේ අනාවරණය

ඊයේ(7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රාජිත අමාත්‍යවරයා සඳහන් කර සිටියේ තෙල්දෙණියේ ඇතුළු මහනුවර තදාසන්න ප්‍රදේශවල එල්ලකෙරෙමින් තිබෙන ජාතිවාදී ප්‍රහාරයන් පසුපස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, අලුත් පක්ෂයකින් මෙවර් පළාත් පාලන මැතිවරණයකින් තේරී පත්ව සිටින නියෝජිතයන් දෙදෙනෙක්, මන්ත්‍රී ලේකම්වරයෙකු, දිස්ත්‍රික් සංවිධායකයකු සිටින බවට මේ වන විට හඳුනාගෙන ඇති බවය.

එසේම අදාළ දේශපාලන පක්ෂයට සම්බන්ධ චීවරධාරීන් කිහිපදෙනෙකු සහ ආරක්ෂක අංශවල සේවය කල සහ මේ වන විටත් සේවය කරමින් සිටින කිහිපදෙනෙකුද මේ සඳහා මැදිහත්ව ඇති බවද රාජිත අමාත්‍යවරයා එහිදී පැවසීය.

රාජිතව කැබිනට් ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරන්න

රාජිත සේනාරත්න මහතා කැබිනට් ප්‍රකාශක තනතුරෙන් තාවකාලිකව ඉවත් කරන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ආණ්ඩු පක්‍ෂයෙන් අද (08දා) ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කලහකාරී, ජාතිවාදී ගැටුම් ඇතිවන ආකාරයට රාජිත සේනාරත්න මහතා අදහස් පළකරන බවයි.


සභාවේ සිටි කැබිනට් සමප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතාගෙන් රෝහිත අබේගුණවර්ධන මහතා ඉහත ඉල්ලීම් කළේය.

CID ය බොරු සාක්ෂි හදනවා : විමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්

අමාත්‍යවරයාගේ මේ අනාවරණයත් සමඟ එදිනම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රී විමල් වීරවංශ " 'අදාළ සිදුවීම් වලට වගකිව යුත්තේ ලොහොන් රත්වත්තේ සහ දිලුම් අමුණුගම’ යනුවෙන් වාර්තාවක් සැකසීමට සී අයි ඩී ප්‍රධානී ෂානි අබේසේකර දැන් මහනුවරට එවා තිබෙනවා" යැයි පැවසීය.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර මහනුවර සිදුවීම තමන්ගේ දේශපාලන විරුද්ධවාදියකු පිට පටවා ඇඟ බේරා ගැනීමට මේ ආණ්ඩුව සූදානම් වන බවත් ඒ සඳහා බොරු සාක්ෂි නිර්මාණය කරන කුපාඩිවැඩක ආණ්ඩුව සිටින බවද ඔහු පැවසීය.

කෙසේ වුවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දුන් මාධ්‍ය හමුවේදී කිසිඳු දේශපාලන පක්ෂයක හෝ පුද්ගල නාමයන් සඳහන් කර සිටියේ නැත.

රාජිත ඇමති නමක් කිව්වේ නෑ - ආණ්ඩුව කියයි

මේ සම්බන්ධව අදහස් පළකරමින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු සඳහන් කර සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අනවශ්‍ය ලෙස තම පාර්ශවයේම මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ගේ නම් අනාවරණය කරමින් ඉල්ලං කෑමක් සිදුකරගෙන ඇති බවය.

රාජිත අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවේදී අදාළ මන්ත්‍රීවරුන් මහනුවර නියෝජනය කරන්නන් බව සඳහන් නොකළ බවත් ඒ හමුවේ දිළුම් හා ලොහාන් කියමින් තම පාර්ශවය නියෝජනය කරන මහනුවර මන්ත්‍රීවරුන්ගේ ගිණුමක් විවෘත කර ලොකුම කුපාඩිකම සිදුකර ඇත්තේ විමල් මන්ත්‍රීවරයා බවද එම අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම කිසිඳු අවස්ථාවක ආණ්ඩුව මිනිසුන් හෝ කණ්ඩායම් අවධානමේ හෙලන ආකාරයට කටයුතු කර නොමැති බවත් නමුත් විමල් මන්ත්‍රීවරයා නම් පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ ගැටුමේ මහමොලකරු ලෙස ජාතික ඇඳුම අඳින කොළඹ නියෝජනය කරන මන්ත්‍රීවරයකු ගැන කියමින් වෛරී ප්‍රකාශයක් සිදුකල බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

විමල්ගේ වචන සෙල්ලම් සහ ගම්මන්පිලගේ කඩු සෙල්ලම්

තවද රටේ ජාතිවාදය වැපිරීම යන්න විමල්ගේ ජීවන උපාය බවත් ආගම්වාදී ජාතිවාදී පදනමින් මිනිසුන් භේදකර භීතියේ නාමයෙන් දරුවන් පෝෂණය කරන්නට තරම් පහත තත්ත්වයකට වැටී සිටින පුද්ගලයකුගේ ප්‍රකාශ කිසිවෙක් බරපතල ලෙස නොගත යුතු බවද අමාත්‍යවරයා පවසයි.

එසේම විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ඔහු විසින් නඩත්තු කරන චීවරධාරීන් පසුගිය සමය පුරා ජාතිකත්ව බෙදීම් ඇතිවන ආකාරයේ දරුණු මුසාවාද සාමාජගත කල බවත් ඒ හමුවේ අදත් පුද්ගලික ගැටුමක් ජාතිවාදී කෝලාහලයක් බවට පත්වන තැනට සමාජය පහතට වැටී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගම්මන්පිලගේ රෑ දනියෙල් දවල් මිගෙල් සෙල්ලම

එසේම ගම්මන්පිල කඩු අරගෙන නටපු නාඩගම් වල ප්‍රථිපල ලෙසද මහනුවර ගැටුම සැළකිය හැකි බවත් මේ සියළු දෙනා සිය පැවැත්ම වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව සාමය හා සංහිඳියාවට වෛරකරන්නන් බවද අමාත්‍යවරයා චෝදනා කර සිටියේය.


තවද මේ වන විට ජාතික සමඟිය ගැන බොරු කතා කියමින් ගම්මන්පිල නිවේදන නිකුත් කළද ඔහුගේ කඩු සෙල්ලමේ ගායකයා වන මධුමාදව වැනිවුන් ජාතිවාදය වපුරන බවත් දියුණුවීමට අපේක්ෂා කරන සාමයට ලැදි ජනතාව මේ දෙබිඩි තක්කඩි දේශපාලනය ගැන හොඳින් අවබෝධ කරගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවරට සම්බන්ධ මන්ත්‍රීවරු හෙළිකරන්න සුදානම් : පොහොට්ටුව නොසන්සුන්.
මහනුවරට සම්බන්ධ මන්ත්‍රීවරු හෙළිකරන්න සුදානම් : පොහොට්ටුව නොසන්සුන්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-8rNTzZNV5NbXYJqQRSFwwcXehZrpsbJ1qOIrCLxWMm5PHMY-9dtetZKpSRyb-vZ99GxU9i_o7HImU8bvefvavd0lrsEnahVuvccC8prkssEN4DegSPbEaMAAh9F281PkEyn1sG1Z2Xw/s1600/IMG_0356.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-8rNTzZNV5NbXYJqQRSFwwcXehZrpsbJ1qOIrCLxWMm5PHMY-9dtetZKpSRyb-vZ99GxU9i_o7HImU8bvefvavd0lrsEnahVuvccC8prkssEN4DegSPbEaMAAh9F281PkEyn1sG1Z2Xw/s72-c/IMG_0356.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_767.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_767.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy