මහජන බැංකුවේ අම්පාර ශාඛා කළමණාකාර මහතාට තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන බැංකු කළමණාකාරීත්වය...
මහජන බැංකුවේ අම්පාර ශාඛා කළමණාකාර මහතාට තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන බැංකු කළමණාකාරීත්වය විසින් පොලිස් මූලස්ථානය වෙතින් ඉල්ලීමක් කර ඇත.
වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් බවට හඳුනාගෙන ඇති පිරිසක් අම්පාර ශාඛා පරිශ‍්‍රය වෙත බලහත්කාරයෙන් ඇතුලූ වී මෙලෙස ක්‍්‍රියාකර ඇති බව ශාඛා කළමණාකාර මහතා සහ ප‍්‍රාදේශීය කළමණාකාර මහතා විසින් මහජන බැංකු කළමණාකාරීත්වය දැනුවත් කිරීමෙන් පසුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් සිද්ධිය සිදු වූ පසුගියදා (20) අදාල ශාඛා කළමණාකාර මහතා විසින් අම්පාර මූලස්ථාන පොලීසිය වෙත ද පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.
යම් මහජන බැංකු සේවකයකු ආයතනික විනය රීතීන් උල්ලංඝනය කර ඇති බව සනාථ වුවහොත් තරාතිරම නොබලා ආයතනික පැවැත්ම පිළිබඳ වූ විනය සංග‍්‍රහයේ ප‍්‍රතිපාදනයන් ප‍්‍රකාරව කටයුතු කරන බව මහජන බැංකුවේ කළමණාකාරීත්වය විසින් වැඩිදුරටත් දන්වා සිටියි.
COMMENTS