පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆාස් හමුවීමට බුකීකරුවෙකු පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තරග පාවාදීම් වෙනුවෙන් ඔහුව එක්කර ගැනීම ...
පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆාස් හමුවීමට බුකීකරුවෙකු පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තරග පාවාදීම් වෙනුවෙන් ඔහුව එක්කර ගැනීම සඳහා ඔහු පැමිණ ඇති අතර සර්ෆාස් එය ප්‍රතික්ෂේප කර ඇති බවද පැවසේ.
පසුව ඔහු ඒ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකයට පැමිණිලි කර ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තෙවැනි එක්දින තරගයට පෙරාතුව පාකිස්තාන නායකයා සිය පවුලේ උදවියත් සමග ඩුබායිහි සුපිරි වෙළඳ සංකීර්ණයක සාප්පු සවාරියේ යෙදෙන විට බුකීකරුවා පැමිණ ඔහුට මේ බව සඳහන් කර ඇත.
පාකිස්තාන නායකයා මේ පිළීබඳව පැමිණිලි කිරීමෙන් පසුව කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කර තිබේ.
COMMENTS