ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා රජයේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී අනිසි ලෙස මුදල් සහ වත්කම් උපයා ග...
ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා රජයේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී අනිසි ලෙස මුදල් සහ වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් බරපතල චෝදනා රැසක් එල්ල වී තිබේ. මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල සියලු තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති නිසා මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්ය වේ.
මේ අතර ඔහු අධිකරණය මගහැරීම හේතුවෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන්ට ද අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුව ඇති අතර මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලින් ඔහුට කිසිසේත් ගැලවිය නොහැකි බවයි වාර්තා වන්නේ.
මේ නිසා මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණ ක්‍රියාමාර්ගවලින් ගැලවීම සඳහා සුදුසුම මාවත තෝරාගෙන ඇති අතර අපවෙත වාර්තා වන්නේ හෙට (01) දිනයේදී එය ක්‍රියාත්මක වීමට නියමිත බවයි. ඒ අන් කිසිවක් නොව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය අතහැර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත පැමිණීමයි.
දකුණු කොරියාවේ සංචාරය නිමා කර ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයා හමු වී ශ්‍රීලනිප ආණ්ඩු පක්ෂ කණ්ඩායමට එකතු වීමට නියමිත අතර පසුගිය කාලයේදී ආණ්ඩු පක්ෂයට සහාය දැක්වූවන් චෝදනාවලින් නිදහස් වූ ආකාරයෙන්ම මහින්දානන්දට ද ඒ ආනුභාවයෙන් සියලු චෝදනාවලින් නිදහස් වීමේ හැකියාව ලැබෙනු ඇත.
ඔහුට හිතවත් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ද පවසා ඇත්තේ මහින්දානන්දට දැන් ඇති එකම විකල්පය මෛත්‍රීට හේත්තුවීම බවයි. ඒ අනුහසින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම මහින්දානන්දටද සහන ලැබෙනු ඇති බවට ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය කාලයේදී හිටපු ජනාධිපතිවරයාගේ සියලු අකටයුතුකම්, වංචා, දූෂණ, මිනීමැරුම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් ඔහුව නිදහස් කරගැනීම සඳහා මහින්දානන් අලුත්ගමගේ මහතා දැඩි උත්සාහයක් ගත් අතර පිල් මාරුකිරීමත් සමගින් එම චෝදනාවලට හිටපු ජනාධිපතිවරයා වගකිව යුතු බවට ප්‍රකාශ කළද අප පුදුමයට පත්විය යුතු නැත.
COMMENTS