දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගිංතොට සිද්ධිය පිටුපස දේශපාලන හස්තයක්.
Homeගොසිප්

ගිංතොට සිද්ධිය පිටුපස දේශපාලන හස්තයක්.

PropellerAds

ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරි තත්ත්වය නිර්මාණය කර ඇත්තේ පෝද්දල බෝපේ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රිවරයකු ...

කුඩු රෙයිඩ් එකේදී පිළියන්දල පොලිස් නිලධාරියෙකු මියයාම ගැන විශේෂ පරීක්ෂණ
ක්‍රිකට් ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන් - අමා Pre-Wedding- Shoot
ඉවරයක් නැතිව ෆෝන් එකෙන් මල් කඩනවා කියා සැමියා බිරියගේ බෙල්ල කපා මරලා

ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරි තත්ත්වය නිර්මාණය කර ඇත්තේ පෝද්දල බෝපේ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රිවරයකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව දකුණු ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් කළ විමසුමකදී පැවැසීය. 

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපතිකමට තරග වැදීමේ අපේක්ෂාවෙන් සිටි බව කියන මෙම හිටපු මන්ත්‍රිවරයා රිය අනතුරක් මූලික කරගනිමින් මෙම ගැටලුකාරී තත්ත්වය සිය ආධාරකරුවන් හරහා නිර්මාණය කර ඇති බවද එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.

ඉකුත් 16 සහ 17 දෙදින රාත්‍රියේ ගිංතොට ප්‍රදේශයේ නිවාස සහ දේපළ, වෙළෙඳසල් ආදියට පහර දීමේ සිද්ධියට මොහු සෘජු දායකත්වයක් ලබාදී ඇති බවට තොරතුරු ලද හෙයින් එම ප්‍රාදේශීය දේශපාලනඥයා අත්අඩංගුවට ගනු ලැබූ බවද එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා කියා සිටියේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු මන්ත්‍රිවරයකු බව කියන මොහොමඩ් කීයාස් (කයිප් හුසේන්) නමැත්තෙකි.

මේ වනවිට මොහු ඇතුළු 10 දෙනකු මෙම ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එසේම මෙම නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබුණද ප්‍රදේශයට ලබාදුන් ආරක්ෂාව ඒ අයුරින්ම තවදුරටත් පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය සාගල රත්නායක මහතාට දන්වා ඇත.
ගිංතොට ප්‍රදේශය ආශ්‍රිතව හට ගත් නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් ග්‍රාම සේවා වසම් 06කට සෙනසුරාදා (නොවැ. 19දා) උදෑසන 09.00 වන තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබිණි.

කුරුඳුවත්ත, මහහපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත, ගිංතොට සහ පියදිගම එසේ පොලිස් ඇඳිරි නීතිය පනවන ලද ග්‍රාම සේවා වසම් අතර වේ.

දින දෙක තුනක් පුරා පැවැති මේ ආරවුලට අදාළ පුද්ගලයන් අනතුරින් දින දෙකකට පසුව පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිට නැවත නිවෙස් බලා එමින් සිටියදී හමු වී ඇති අතර එම ස්ථානයේදී ද මෙම පාර්ශ්ව දෙක අතර ගැටුමක් ඇති වී ඇත. ඉකුත් 17 වැනිදා ඇති වූ සිද්ධිය හේතුවෙන් තුවාල ලැබූවන් 13 දෙනකු මේ වනවිට ගාල්ල - කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි.

ප්‍රදේශයේ තත්ත්වය සම්බන්ධයෙන් 18 දින උදෑසන ඇමැති වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආගමික නායකයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

තරාතිරම නොබලා දඬුවම් දෙනවා

ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවත් නැවත මෙවැනි සිදුවීම් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගිංතොට දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදීය.

කිසියම් පුද්ගලයකු කලහකාරීව හැසිරුණහොත් ඔහුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. අපි ඒ සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ දැනුවත් කර තියෙනවා. ඒ වගේම කලබලකාරී ලෙස හැසිරෙමින් ගැටුමක් ඇති කර දේපළවලට හානි සිදුකළ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කරනවා. ඒ සඳහා සියලු අංශ දැනුවත් කර තියෙනවා.

අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

"අපි රජයක් ලෙස නීතිය හා සාමය ආරක්‍ෂා කරන්න කටයුතු කරනවා. දැන් මේ ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇතැම් අය පවසනවා අපේ පක්‍ෂයේ හිටපු මන්ත්‍රිවරයකු ද මෙයට සම්බන්ධ වී සිටින බව. එවැනි අයටත් අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි. ඒ වගේම අපි ග්‍රාම නිලධාරීවරුන් මඟින් මේ හානි පිළිබඳ වාර්තාවක් අරගෙන එය තක්සේරු කරලා හානිය සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවීමට රජය කටයුතු කරනවා. දැනට පොලිස් වාර්තා නොතිබුණා කියා කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. සියලුම දේ සම්බන්ධයෙන් මා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාටත් නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාටත් අවශ්‍ය උපදෙස් දී තිබෙනවා."

(මව්බිම)
චාමර අමරසූරිය, ඉමදුව - ටී. විතානවසම්, රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි, ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා, ගාල්ල - එච්. පරණවිතාන, උපතිස්ස පෙරේරා, ඉමදුව - ටී. විතානවසම්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගිංතොට සිද්ධිය පිටුපස දේශපාලන හස්තයක්.
ගිංතොට සිද්ධිය පිටුපස දේශපාලන හස්තයක්.
http://ift.tt/2z34oo4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_183.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_183.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy