දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණය කඩිනම් කරන්න පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය
Homeප්‍රවෘත්ති

මැතිවරණය කඩිනම් කරන්න පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය

PropellerAds

ඊයේ (27) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධාන තීරණ 03ට පක්ෂ නායකයින්ගේ එකඟතාව පල වු බව නිවේදනයක් නිකුත් කරමින් කථානායක මාධ්‍ය අංශය සඳහන් කළ...

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ උසස් නිළධාරිණියක් සැකපිට අත්අඩංගුවට ! අමාත්‍යංශ ගොඩනැගිල්ල විශේෂ පරීක්ෂාවකට !!
ඇමරිකා පුරවැසිකම ඉවරයි.. මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි.. ජනාධිපතිවරණයට සූදානම් - ගෝඨාභය
අගමැති දුන් වෙඩි නොවදින රථය අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් එපා කියයි
මැතිවරණය කඩිනම් කරන්න පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය

ඊයේ (27) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධාන තීරණ 03ට පක්ෂ නායකයින්ගේ එකඟතාව පල වු බව නිවේදනයක් නිකුත් කරමින් කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඊයේ පෙරවරු 11.30ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙවත් පක්ෂ නායක රැස්වීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

මෙම පක්ෂ නායක රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පක්ෂ ප්‍රධානීන්, නීතිපතිවරයා මෙන්ම මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ද එක්ව සිටි බව අදාල නිවේදනයේ දැක්වෙයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ වාරණ නියෝගය පිළිබඳව අවධානය යොමු කිරිම සඳහා මෙම රැස්වීම විශේෂ රැස්වීමක් ලෙස පැවැති අතර ඊට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද එක්ව තිබේ.

මෙම රැස්වීම සඳහා එක් වූ සියලු පාර්ශවයන් ඒකමතිකව අවධාරණය කර ඇත්තේ කිසිදු හේතුවක් මත මැතිවරණය ප්‍රමාදවිමට ඉඩ නොතැබිය යුතු බවයි.

මීට පෙර එකඟ වූ පරිදි ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් ඉන් අනතුරුව කල්දැමුණු පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේ පැවැත්විමටත් අදහස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් ඊයේ පැවැති සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු 03ක් පිළිබඳව සියලු පාර්ශව එකඟතාවයකට පැමිණි බව කථානායක කාර්යාලය නිවේදනය කළේය.

ඒ අනුව අධිකරණයට කඩිනමින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණ තීරණය ඉක්මනින් ලබා ගැනිම මින් පළමු කරුණ වන අතර හැකි ඉක්මනින් එම පෙත්සම් ඉල්ලා අස්කර ගැනිමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම දෙවන කරුණ වෙයි.

එමෙන්ම මෙම ප්‍රවේශයන් දෙකකම අසාර්ථක වුවහොත් 2015 ගැසට් පත්‍ර සීමා උපයෝගි කර ගනිමින් මෙම මැතිවරණය පැවැත්වීමේ හැකියාව සොයා බැලීමට ඊයේ දිනයේ එකඟ වූ කරුණු අතර 03 වන කරුණ වන බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතනවල සිමා නීර්ණය පිළිබඳ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරිම අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කළ නඩුව මේ මස 30 වනදා යළි කැඳවන්නැයි නිතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණය කඩිනම් කරන්න පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය
මැතිවරණය කඩිනම් කරන්න පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය
http://ift.tt/2k6kBGu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_149.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_149.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy