මෙම සංචාරයේදී ඔවුන් බලාපොරොත්තු වූයේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් උතුරු පළාතේ සිදුවීම් පිළිබඳව සත්‍ය කරුණු දැනගැනමයිී. එසේම ම...
මෙම සංචාරයේදී ඔවුන් බලාපොරොත්තු වූයේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් උතුරු පළාතේ සිදුවීම් පිළිබඳව සත්‍ය කරුණු දැනගැනමයිී. එසේම මෙම සංචාරයේදී ඔවුන්ගේ විශේෂ අවධානය යොමුවූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත් අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳවත් ඉඩම් අහිමිවූ පුද්ගලයන් පිළිබඳවත් හා නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙල පිළිබඳවත්ය.
ඒ අනුව මේ වනවිට විශේෂයෙන් උතුරු පළාතේ සංවර්ධන කටයුතු හා ප්‍රගතිය පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරතුමා දීර්ඝ ලෙස ජීන් ලැම්බර්ට් මැතිනිය සහ දූත කණ්ඩායම දැනුවත් කල අතර ඔවුන් විශේෂ උනන්දුවක් දැක්වූයේ කාන්තා නායකත්වයක් ඇති පවුල්වලට කරන ආධාර උපකාර පිළිබඳව දැනගැනීමයි.
එසේම ඉදිරි කාලය තුලදී කාන්තා අයිතීන් සඳහා ඇති කර තිබෙන වෙනස්කම් පිළිබඳවද සාකච්ඡා කල යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම ශ්‍රී ලංකා රජය මගින් ආරම්භ කරඇති වැඩපිළිවෙල පිළිබඳවත් විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එළබෙන පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවන්ගේ දායකත්වය පිළිබඳවත් සාකච්ඡා කරනු ලැබිණ.
මෙම සාකච්ඡාවේදී යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම ඔවුන් පැමිණි කාරණය සහ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා හමුවීම පිළිබඳව සෑහීමකට පත්වන බව සහ ඉතා සතුටට පත්වන බව ප්‍රකාශ කල අතර විශේෂයෙන් රිචඞ් කෝබර්ට් මහා බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයා විමසා සිටියේ සිංහල හා දමිළ ජාතීන්ගේ ප්‍රශ්න පිළිබඳවයි.
එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා,
එෛතිහාසික මූල්‍යන් සමඟ මේ ජාතීන් දෙකට එක්සත් වීමට ඇති අහේතුක කාරණා ඉතාමත් දැඩිබවත් එහෙත් ඉතිහාසය නිර්වචනය කිරීමේදී දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ජාතිවාදය ඇවිස්සීමේ නැඹුරුවක් තිබෙන බවත් එයට විරුද්ධව කටයුතු කරමින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් ප්‍රකාශ කළේය.
අවසානයේ ශ්‍රී ලංකා රජය උතුරු පළාත තුල කරගෙන යන සංවර්ධන කටයුතු පිළිබඳවත් උතුරු පළාත්භාර ආණ්ඩුකාරතුමා කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳවත් මහත් සෑහීමකට පත්වන අතර එම වැඩපිළිවෙලට අප සියලු දෙනා සුභ පතන බවත් යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම ප්‍රකාශ කළහ.
- වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS