1. නම: Thirteen Things Mentally Strong People Don’t Do රචකයා: ඒමි මොරෙන් ඒමී මොරෙන් විසින් රචිත මෙම පොත “මානසික ව ශක්තිමත් මිනිසුන් න...
1.
නම: Thirteen Things Mentally Strong People Don’t Do
රචකයා: ඒමි මොරෙන්
ඒමී මොරෙන් විසින් රචිත මෙම පොත “මානසික ව ශක්තිමත් මිනිසුන් නොකරන දේවල් 13 ක්” යනුවෙන් නම් කළ හැකිය. විනාඩි 12 ක් ඇතුළත සාමාන්‍ය ඉංග්‍රීසි පාඨකයෙකුට කියවා අවසන් කළ හැකිය.
සාරාංශය: ජීවිතයේ දුර්භාග්‍යයන්ගෙන් ඔබට පළා යා නොහැකි ය. නමුත් ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් කිරීමට ඔබට පුළුවන.
ඉඟි: අසාර්ථක කම සමග ඔබ අරගල කරන්නේද? තමන්ගේ පාලනයෙන් බැහැර දේවල් ගැන වද වෙන්න එපා. ඒ බාධකවලින් ඉවත් වී සිටීමෙන් ජීවිතය පහසු වේ. මනෝ චිකිත්සකවරියක් වන ඒමි මොරින් තමන්ගෙන් චිකිත්සා ලද අය සාර්ථක වූ ආකාරය ගැන ෂත්‍ය කතා ඇසුරෙන් කරුණු 13 ක් ඔබ වෙත ගෙන එයි.
2.
නම: How to Stop Worrying and Start Living
රචකයා: ඩේල් කානගී
ලෝ ප්‍රකට ධනාත්මක චින්තකයෙක් වන ඩේල් කානගී විසින් ලියන ලද මෙම සුප්‍රසිද්ධ ග්‍රන්ථය, ‘දුක්වීම නතර කර ජීවත්වීම පටන් ගන්නා හැටි’ ගැන ය. විනාඩි 19 කින් කියවා නිම කළ හැකිය.
සාරාංශය: සඳුදා උදේ ඔබට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවන බව ඉරිදා සන්ධ්‍යාවේ යමෙක් ඔබට කීවොත් ඔබේ ප්‍රතිචාරය කුමක්ද? ඔබ කණගාටු වෙනවාද? බොහෝ විට ඔව්. නමුත් මෙවැනි දේ සමග ගනුදෙනු කළ යුතු රටාවක් තිබේ.
ඉඟි: ඔබේ ආතතියේ මූලය සොයාගන්න. එය අර්ථ දක්වා ගන්න. එසැණින් ඔබට සැහැල්ලුවක් දැනෙනු ඇත. පමණ ඉක්මවා කල්පනා කරන ගැටළු සහගත අවස්ථාවකදී කෙසේ කටයුතු කළ යුතුද යන්න ගැන කානගී ලෝකයේ සාර්ථකම සූත්‍රයක් ඔබ හමුවට ගෙන එයි.
3.
නම: How Will You Measure Your Life?
රචකයන්: ක්ලේටන් එම්. ක්‍රිස්ටෙන්සන්, ජේම්ස් ඇල්වර්ත්, කරෙන් ඩිලන්
‘ඔබ ඔබේ ජීවිතය මනින්නේ කෙසේද?’ නමැති මේ පොත සාමාන්‍යයෙන් විනාඩි 13 කින් කියවා නිම කළ හැකිය.
සාරාංශය: රැකියාවේදී ඔබට වැඩිම සතුටක් ලැබිය හැක්කේ මොනවායින්ද? වැටුප් වැඩිවීමකින්ද? නැතිනම් ඔබ සමග එකම සේවාස්ථානයේ රැකියාවේ නියුතු වූවන් සමග වඩා හොඳ සම්බන්ධතාවක් ගොඩනගාගෙන එය පවත්වාගෙන යාමෙන්ද?
ඉඟි: රැකියාවේ ඉලක්ක සපුරා ගැනීමෙන් සතුටක් ලබන්න. නමුත් කිසිවිටෙක තමන්ගේ පවුල සහ මිතුරු මිතුරියන් අමතක කරන්න එපා. ඔවුන් ඔබේ ජීවිතයේ දීර්ඝ කාලීන සන්තෝසයේ අත් හළ නොහැකි කොටස්කරුවෝ වෙත්.
4.
නම: Finding Your Element
රචකයා: කෙන් රොබින්සන්
‘ඔබේ ජීවිතයේ මූලධාතුව සොයාගන්න’ නමැති මේ පොත සාමාන්‍යයෙන් විනාඩි 13 කින් කියවා නිම කළ හැකිය.
සාරාංශය: ජීවිතය පිළිගත් ආකාරයකින් ගෙවිය යුතු යැයි ඔබට සැලසුමක් තිබෙනවාද? සමාජය ඒ සඳහා ඔබව පීඩනයට ලක් කරනු ඇත. අසුවල් වයසේදී මේ මේ ඉලක්ක සපුරාගත යුතු යැයි නිර්ණායක ලබාදෙනු ඇත. අසුවල් වයසේදී වැදගත් රැකියාවක් කර විවාහ වී දරුවන් ලබන්න යැයි බල කරනු ඇත. නමුත් මෙය හැම කෙනෙක් සම්බන්ධයෙන්ම අත්දැකිය හැකි දෙයක් නොවේ. මේ නිසාම ඔබට ලැබෙන අවස්ථා. ඔබත් නොදැනීම සීමා කරගන්නවා විය හැක.
ඉඟි: හැම කෙනෙකුටම තමන්ගේම ආශාවන් සහ ඒවා ළඟා කරගත හැකි ක්‍රමවේදයක් තිබේ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නට ද පුළුවන. සමාජයේ දැඩි නීති බිඳ දමා ජීවිතයේ ආමන්ත්‍රණය සොයාගන්න.
5.
නම: Emotional Intelligence
රචකයා: ඩැනියෙල් ගෝල්මන්
‘චිත්තවේගී බුද්ධිමත්කම’, ඩැනියෙල් ගෝල්මන් නමැති ලෝ ප්‍රකට ලේඛකයා විසින් රචනා කරන ලද විශිෂ්ට කෘතියකි. විනාඩි 16 කින් සාමාන්‍ය ඉංග්‍රීසි පාඨකයෙකුට මෙය කියවා නිම කළ හැකිය.
සාරාංශය: හැඟීම්බර බව විසින්, එසේත් නැතිනම් චිත්තවේගයන් විසින් ඔබව පිටුපසට අදිනවාද? චිත්තවේගයන් ඉවත් කර අතිශය තාර්කික සත්වයන් බවට පත්වීම හරහා සාර්ථක විය හැකි යැයි ඔබ සිතනවාද?
ඉඟි: නාඩි වැටෙන වේගය විනාඩියට වාර 100කට වඩා වැඩි වන විට ඔබ හැඟීම්බර අයෙක් බවට පත්වෙනවාද? නැතිනම් තවදුරටත් මනස පැහැදිලි තාර්කික අයෙක් ලෙසම සිටින්නට ඔබට පුළුවන්ද? හැඟීම්වලට ලෙහෙසියෙන්ම වැරදි විනිශ්චයන් කරා මනස මෙහෙයවන්නට පුළුවන. හැඟීම්වලට ඔබව සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නට ඉඩ දෙන්න එපා. ජීවිතයේ හොඳම තීරණ ගත යුත්තේ හැඟීම්වලින් පමණක් නොවේ.
- CNN
COMMENTS