මෙවර කාබනික ගොවියන් 60,000 ක් පමණ සමුළුවට එක්වී සිටීම විශේෂත්වයකි. මෙම සමුළුව සංවිධානය කර තිබුනේ IFOAM Organic International, OFAI ( Org...
මෙවර කාබනික ගොවියන් 60,000 ක් පමණ සමුළුවට එක්වී සිටීම විශේෂත්වයකි.
මෙම සමුළුව සංවිධානය කර තිබුනේ IFOAM Organic International, OFAI ( Organic Farming Association of India), PDA trade fair සහ ඉන්දියානු කෘෂිකර්ම හා ගොවි සුභසාධන අමාත්‍යංශය විසිනි.
මෙම සමුළුවේ සම්මන්ත්‍රණ අංශ හතරක් ඔස්සේ පැවති අතර ඒවා ප්‍රධාන මඟ, ගොවිමඟ, විද්‍යා මඟ සහ අලෙවි මඟ ලෙස නම්කර තිබුණි.
ලෝකය පුරා විසිරී සිටින තිරසාර ගොවිතැන හා කාබනික ආහාර ගැන උනන්දුව දක්වන විද්‍යාඥයින්, පරිසරවේදීන්, ගොවියන් දේශපාලඥයන්, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන්, ක්‍රියාකාරීන් ඇතුළු කාබනික අංශයට සම්බන්ධ බොහෝ පිරිස් තම අදහස් ඉදිරිපත් කිරීම මෙම සමුළුවේදී සිදු කළහ.
කාබනික වගාවට සම්බන්ධ නව සොයා ගැනීම් හා පර්යේෂණ පිළිබඳව ඉදිරිපත් කිරීම, කාබනික වගාවේදී ඇතිවන ගැටළු සහ පාරිසරික ගැටලු සාකච්ඡා කිරීම, ලෝකය පුරා සිටින කාබනික නිශ්පාදන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් සමග තම අත්දැකීම් බෙදා ගැනීම සඳහා මෙම සමුළුවේදී අවස්ථාව හිමිවනු ඇත.
මෙම සමුළුවට සමගාමීව Biofach නම් කාබනික නිශ්පාදන ප්‍රදර්ශනය, සමුළුවට පෙර සම්මන්ත්‍රණ (Pre conference) හා ආංශික ක්‍රියාකාරකම් පැවැත්වීය.
නොවැම්බර් මස 12දායින් ආරම්භ වූ IFOAM මහා මණ්ඩල රැස්වීම (General Assembly) අද අවසන් විය. එහිදී
2020 ලෝක කාබනික සමුළුවේ සත්කාරක රට ලෙස ප්‍රංශය තේරී පත්ව තිබේ. අද එනම් නොවැම්බර් 13 වෙනිදා පැවති මහා මණ්ඩල රැස්වීමේදී ඒ බව ප්‍රකාශයට පත් කෙරිණි. රටවල් 11 ක් එළඹෙන කාබනික ලෝක සමුළුවේ සත්කාරක රට බවට පත්වීමට එකිනෙකා පරයමින් තරඟ කළ අතර එම රටවල් වූයේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, චෙක් සමූහාණ්ඩුව, ප්‍රංශය, ලිතුඒනියා, මැක්සිකෝ, මොරොක්කෝ, එක්සත් අරාබි රාජ්‍යය, රුසියාව සහ ස්පාඤ්ඤයයි. රටවල් සමඟ මනා සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමටත් රට තුළ ක්‍රියාත්මක වන කාබනික නිශ්පාදන අන්තර්ජාතික වෙළඳ පොළ තුළ අලෙවි කිරීම සඳහා අවස්ථාවක් ලබා ගැනීමටත් රට තුළ පවතින තිරසාර වගාව සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රසිද්ධියක් ලබා ගැනීමටත් සත්කාරක රටට අවස්ථාවක් හිමිවනු ඇත.
කේ. විජේවර්ධන
COMMENTS