පසුගිය ආණ්ඩුවේ අත්තනෝමතික සහ දුෂිත ක‍්‍රියාකලාපයට එරෙහිව වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා නායකත්වය ගත් උන්වහන්සේ 2015 නොවැම්බර් 08 වැ...
පසුගිය ආණ්ඩුවේ අත්තනෝමතික සහ දුෂිත ක‍්‍රියාකලාපයට එරෙහිව වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා නායකත්වය ගත් උන්වහන්සේ 2015 නොවැම්බර් 08 වැනිදා සිංගප්පූරුවේදී අපවත් වූහ.මේ නිමිත්තෙන් ලබන 08 වැනිදා පෙරවරු 9.00 ට බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී සෝභිත හිමි ස්මාරකයට මුල් ගල තැබීම සිදු වේ.
සාධාරණ සමාජයක ප‍්‍රාර්ථනාව යන තේමාව යටතේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිත ගුණ සමරු උත්සවයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ මහාචාර්ය සරත් විජේසූරිය දෙසුම් පවත්වති. එහි ස්තූති කතාව පවත්වනු ලබන්නේ කතානායක කරු ජයසූරිය විසිනි.
COMMENTS