ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 5ක් සඳහා අද (27) ඇප මුදල් තැන්පත් කරනු ලැබීය. කළුතර දිස්ත්‍රික්කයේ සහකාර මැ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 5ක් සඳහා අද (27) ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
කළුතර දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙකු විසින් මෙලෙස ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා වේ.
පානදුර, හොරණ, බේරුවල නගර සභා සඳහා සහ අගලවත්ත, බණ්ඩාරගම යන ප්‍රාදේශීය සභා සඳහා ඔවුන් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.
පළාත් පාලන ආයතන 93ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද ආරම්භ කෙරුණු අතර, එය ලබන මස 13 වනදා මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට නියමිතය.
එමෙන්ම මෙම ආයතන 93 සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ අනුව නාම යෝජනා භාර ගැනීම දෙසැම්බර් මස 11 වනදා සිට 14 වනදා දහවල් 12 දක්වා සිදු කෙරෙනු ඇත.
පළාත් පාලන ආයතන කිහිපයක ජන්ද විමසීම පැවැත්වීම තහනම් කරමින් අභියාචනාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගය පළාත් පාලන ආයතන 203කට බලපාන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
එහෙත් ආයතන 133ක් සඳහා අදාළ තහනම් නියෝගය බල නොපැවෙත්වෙන හෙයින් මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබුණද එම ආයතන 133න් 40ක සුළු ගැටළු තිබෙන බවද කොමිසම කියා සිටියේය.
කෙසේවෙතත් අදාළ දෝෂ නිවැරදි කර ඊට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට දිනයේදී නිකුත් කිරීමට හැකිවනු ඇති බව පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය සඳහන් කළේය.
COMMENTS