දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මලික් - කබීර් බැඳුම්කරයට හෙට (update)
Homeප්‍රවෘත්ති

මලික් - කබීර් බැඳුම්කරයට හෙට (update)

PropellerAds

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් හා සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට හෙට (11) භාණ්ඩාග...

කුවේටයේ දී ශ්‍රී ලාංකිකයෙකු එල්ලා මරා දමයි! මරාදැමූවන් අතර විදෙස් ජාතිකයින් තිදෙනෙක්!
ක‍්‍රිකට් ගැහිලි, දිරිගැන්නිලි සියල්ල එලියට.. ඔසී ගමනේ විඝණන වාර්තාව මෙන්න
OIC ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන කළ කෝටිපති තාඹුගල අත් අඩංගුවට නොගෙන බාර වෙන්න ඇරිය පොලිසිය විවෘත අධිකරණයේ දී විනිසුරුගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගනී!

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් හා සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට හෙට (11) භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.


ඔවුන්ට, අද (10) අදාළ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබූ අතර අද ජනපතිවරයා මුණගැසීමෙන් අනතුරුව අද කැබිනට් රැස්වීම් ආදී ඇති කාර්ය බහුල දිනයක් නිසා ඔවුන් එම කොමිසම හමුවේ හෙට පෙනී සිටීමට තීරණය කර ඇති බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

update-10.00am
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

මලික් හා කබීර් බැඳුම්කර කොමිසමට : දැන් දෙන්නම ජනපති ළඟ ?

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් හා සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (10) පෙනී සිටින ලෙස දන්වා තිබේ.

මොවුන් දෙදෙනා මේවන විට විදෙස්ගතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද මේ සම්බන්ධයෙන් දන්වා ඇති අතර ඔහුගේ උපදෙස් අනුව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුණගැසී ඇති බවද මේ අතර වාර්තා වේ.

කැබිනට් මීටිමත් ප්‍රමාදයි !

ඔවුන් අද (10) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීමට ද නියමිත බව වාර්තා වන අතර ජනපතිගේ තීන්දුව අනුව ඔවුන් කොමිසම හමුවේ පෙනී සිටින්නේද නැද්ද යන්න තීරණය කෙරෙන බවද පැවසේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ මේවන විට මොවුන් දෙදෙනා තීරණය කර ඇත්තේ අද (10) අදාළ කොමිසම හමුවේ පෙනී නොසිටීමට බවයි.

කබීර් හා මලික් අද පෙරවරුවේ ජනපති මුණ ගැසීමට යාම හේතුවෙන් වෙනදාට පෙරවරු 8.00ට පැවැත්වෙන කැබිනට් රැස්වීම අද පෙරවරු 10.00 දක්වා කල්දමා ඇති බවද වාර්තා වේ.

‘ඇරලා බලන්න ලයිෂන් තිබිය දී ඔබලා බලන කොමිෂන් වැඩක්’

කෙසේවුවද, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් බැදුම්කර වංචාවට සම්බන්ධ තැනැත්තන් හදුණාගැනීමට පත් කළ ‘බැදුම්කර කොමිසම‘ රාජ්‍ය බැංකු බාර කබීර් හෂීම් අමාත්‍යවරයාත්, එදා කිසිම රාජ්‍ය තනතුරක් නොතිබුණු මලික් සමරවික්‍ර‍මත් අතහැර ‘අක්‍ර‍මිකතා පිළිබඳ වගකිව යුතු තැනැත්තා හෝ තැනැත්තන් හදුණාගන්නට උත්සහ දැරීම ‘ඇරලා බලන්න ලයිෂන් තිබිය දී ඔබලා බලන කොමිෂන් වැඩක්’ බවට චෝදනා කර සිටියේය.

මොවුන් දෙදෙනා මෙම අක්‍ර‍මිකතාවට සම්බන්ධ නොවන්නටත් හැකියැයිද එහිදී කී රජිත්, කෙසේවුවද ඔවුන් ඉහළම වැදගත්කම ඇති සාක්ෂිකරුවන් බව පැහැදිළියැයිද කියා සිටියේය.

එසේම, රවී ගේ ශරීර කුඩුවට මුවා වී මහ මගඩිය පිටුපස සිටි පුද්ගලයින් සැගවීමට ඉඩ නොදිය යුතු බවත්, කබීර් හෝ මලික් බැදුම්කර වංචාවට අදාළ මුල් රැස්වීමට සම්බන්ධ වූයේ කෙසේද? යන්න ගැනත්, ඒ සදහා ඔවුන් පෙළඹවූයේ කවුරුන්ද? යන්න ද හෙළිදරව්කරගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා එහිදී කීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මලික් - කබීර් බැඳුම්කරයට හෙට (update)
මලික් - කබීර් බැඳුම්කරයට හෙට (update)
http://ift.tt/2yBR6Tj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/update_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/update_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy