අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ 30 වන සංවත්සර උත්සවයට සහභාගි වෙමිනි. තම අමාත්‍යංශය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්...
අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ 30 වන සංවත්සර උත්සවයට සහභාගි වෙමිනි.
තම අමාත්‍යංශය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්කර ඇති බවත් එහි නිෂ්පාදන ධාරිතාවය රුපියල් බිලියන 04 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇමතිවරයා පවසයි. බොහෝ රාජ්‍ය ආයතන පණ අදිමින් සිටින බවත් මහ බැංකුවේ සේලයින් මත එම ආයතන නඩත්තු වන බවත් පෙන්වා දුන් ඇමතිවරා ප්‍රකාශ කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අද සිය ලාභයෙන් වෙනත් ආයතන සඳහා පරිත්‍යාග සිදුකිරීමට ද හැකියාව ලැබී ඇති බවයි.
30 වන සංවත්සරය වෙනුවෙන් කොළඹ ජාතික රොහලේ හදිසි අනතුරු ඒකකයට රුපියල් මිලියන 07 ක් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදුවිය.
තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“අතවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩුකලා. ඉදිරියේදී සියළුම ඖෂධ වල මිල අඩු කරනවා. සියළුම පෞද්ගලික රෝහල්වල මිල ද නියාමනය කරනවා. තුවාලයකට බෙහෙත් දැමීමේ සිට ශල්‍යකර්මය දක්වා වූ මිල නියාමනය කරනවා. ඒ පිළිබඳ පෞද්ගලික රෝහල් දැනුවත් කර තිබෙනවා. සෞඛ්‍ය යනු සේවාවක්. වෙළඳාමක් නොවෙයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ජපන් රජයේ ආධාරයක්. ඒ සඳහා මුල් වූ ජපන් ජාතිකයාගේ මැදිහත් වීම සිහිවීම සඳහා ඹහුගේ පිලිරුවක් සංස්ථා භූමියේ ඉදි කිරීමට පියවර ගන්න. තවද මෙම සංස්ථාවේ දියුණුව සඳහා අනූපමේය සේවයක් කල ග්‍රැඩින් ජයවර්ධන මහත්මියගේ පිළිරුවක් ද හදන්න.”
COMMENTS