ඒකාබද්ධයට උපායන් හා උපක්‍රම නැති බව බෙංගමුවේ නාලක හිමියෝ ප්‍රකාශ කළහ. ඒ ඊයේ (04) කොළඹදී පැවති උත්සවයකට එක්වෙමිනි. එහිදී උන්වහන්සේ මෙස...
ඒකාබද්ධයට උපායන් හා උපක්‍රම නැති බව බෙංගමුවේ නාලක හිමියෝ ප්‍රකාශ කළහ.
ඒ ඊයේ (04) කොළඹදී පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී උන්වහන්සේ මෙසේ කීහ.
“ඒකාබද්ධ විපක්ෂය කියනවා ආණ්ඩුව වටලනවා, පාර්ලිමේන්තුව වටලනවා 5 වෙනිදට. ඔහොම කලින් කියලා බැහැ. එහෙම කිව්වොත් ඒකට වැට බදිනවාමයි. තමන්ගේ බෙල්ල කපන්න එන මිනිහගේ බෙල්ල කපනවා කියනකොට ඒකට ඉඩ දෙනවද? එහෙම නැහැ. ඒ නිසා ආණ්ඩුව ඒවාට ඉඩ දෙන්නේ නැහැ. උපක්‍රම නැහැ, උපායශීලි බවක් නැහැ. ඒක අපි කිව්වට පිළිගන්න ලෑස්ති නැහැ. අපිට මේ ආචාර්ය, මහාචාර්ය උපාධි නැහැනේ. විද්වතුන්, බුද්ධිමතුන් නෙවෙයි කියලා අපි කියන ඒවා පිළිගන්නේ නැහැ. 2015 ජනාධිපතිවරණයට කුමන්ත්‍රණය තුළ හිටපු එවුන්ම කියාපු දේවල් පිළිගත්තා. තමන් විහින් තමන්ගේ බෙල්ල කපා ගත්තා. ඒ උපාය, උපක්‍රම නොදන්නාකම. ඒ නිසා අර විරුද්ධවාදීන්ට, කුමන්ත්‍රණකාරීන්ට හසු වෙනවා. එහෙම හසු වෙන්නේ නැතුව තමයි අපිට මේ ගමන යන්න වෙන්නේ.”
COMMENTS