මේ අන්දමින් එක්සත් ජාතික පක්ෂයේ හිතවතෙකු වූ පැඩී විතාරණ ව ඉවත් කරමින් උදය නානායක්කාරව පත් කෙරුණේ වෘත්තීය සමිතිවල දැඩි විරෝධතා මධ්‍යයේ ය. ...
මේ අන්දමින් එක්සත් ජාතික පක්ෂයේ හිතවතෙකු වූ පැඩී විතාරණ ව ඉවත් කරමින් උදය නානායක්කාරව පත් කෙරුණේ වෘත්තීය සමිතිවල දැඩි විරෝධතා මධ්‍යයේ ය. සිරිකොත ආරංචි මාර්ගවලට අනුව පසුගිය මැතිවරණ සමයේ උදය නානායක්කාර ප්‍රසිද්ධියේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ද සහභාගි විය.
සිරිකොතේ බොහෝ යූඇන්පී නිලධාරීන් ද උදය නානායක්කාර සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති තනතුරට පත්කිරීමට විරෝධය පා තිබේ. නමුත් එයින් පලක් නොවුණේ එක්තරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙක් මෙම පත්කිරීම පිටුපස සිටි නිසා ය.
වෘත්තීය සංගම් ප්‍රකාශ කරන්නේ මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් උදය නානායක්කාර ව සංචාරක බියුරෝවෙන් ඉවත් කළේ අන් කිසිවෙකු විසින් නොව චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් බවයි. දීපාල් මුදද්දෙණිය විසින් විදෙස් රටක සංචාරක කාර්යාලයක් සඳහා මිලදී ගැනීම් සිදුකරන විට උදය නානායක්කාර ද වරද දැක නිසොල්මනේ සිටීමේ ප්‍රතිඵලය වූයේ දෙදෙනාටම පෙර දැනුම් දීමකින් තොරව ගෙදර යන්නට සිදුවීමයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතින අතර මෙහි සැබෑ කතාව අපට නුදුරේදීම හෙළි කිරීමට හැකි වනු ඇත.
මේ අතර උදය නානායක්කාර හතර වටේ දුව ඇවිදින්නේ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මෙන් නොව පහත් වැඩවල නියැළෙන බව කියමිනි. වෘත්තීය සංගම් දැඩි සේ කණස්සල්ල පළ කරන්නේ නානායක්කාර, සංචාරක බියුරෝවේ මුදල්වලට කලින් වතාවේ කළ දෙයම කරන්නට ඉඩ තිබෙන නිසා ය.
COMMENTS