දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දයාසිරිට අර්ජුනගෙන් ලිපියක්.
Homeප්‍රවෘත්ති

දයාසිරිට අර්ජුනගෙන් ලිපියක්.

PropellerAds

කළුතර - පානදුර තරග පාවාදීමට සම්බන්ධ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීම ප්‍රමාද වන්නේ ඇයිදැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර...

කැටලැන් නායකයා පොලිසියට භාර වෙයි
ඇමති රාජිතගේ කතාවට හඳුන්නෙත්ති එකගයි. (වීඩියෝ සහිතයි)
බියර් විරෝධය පිටුපස කසිප්පු ජාවාරමේ කළු සල්ලි

කළුතර - පානදුර තරග පාවාදීමට සම්බන්ධ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීම ප්‍රමාද වන්නේ ඇයිදැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි දයාසේකර මහතාගෙන් ප්‍රශ්න කර සිටියි. 

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ලිපියක් යොමුකරමින් ඔහු මේ බව  විමසා තිබේ.

එම ලිපියෙන් අර්ජුන රණතුංග මහතා අවධාරණය කරන්නේ තරග පාවාදීමට වගකිවයුතු සහ වගවීමේ ක්‍රියාවලියට බැඳෙන එකී ක්‍රීඩාසමාජවල ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු දඬුවමක් ලබා නොදීම විශ්මයාර්ථය දනවන කරුණක් බවයි.

තරග පාවාදීමේ සියලු වගකීම් ක්‍රීඩකයන් වෙත පටවා එකී ක්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන් බේරීමේ සූක්ෂම සැලසුමක් මේ වනවිට ක්‍රියාත්මක වන බවද එම ලිපියේ දැක්වේ.

‘පානදුර - කළුතර තරග පාවාදීම සංවිධානාත්මක අපරාධයකි. එහි මූලික ඉලක්කය වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ප්‍රිමියර් ලීග් බී කාණ්ඩයෙන් ඒ කාණ්ඩයට යාම වැළැක්වීමයි. ඊට අමතරව පානදුර කණ්ඩායමට ඒ කාණ්ඩය සඳහා සුදුසුකම් ලබාගැනීමටත්, කළුතර කණ්ඩායමට ප්‍රිමියර් ලීග් බී කාණ්ඩයේ සිට සරා තරගාවලිය  දක්වා පහළ වැටීම වළක්වාගැනීමේත් අරමුණින් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනට බලපෑමක් එල්ල කිරීමද මෙම තරග පාවාදීමේ අරමුණක් බව පැහැදිලිය. එය චේතනාන්විතව සිදු කරන ලද වංචාවකි, අපරාධයකි.

එවැනි සංවිධානාත්මක අපරාධයක් සිදු කිරීම ක‍්‍රීඩකයන්ට පමණක් සිදු කළ නොහැකි බව මගේ විශ්වාසයයි. ඒ සඳහා ක‍්‍රීඩකයන් පෙළඹවීමට සහ සැලසුම් සකස් කිරීමට ක්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන්ගේ මැදිහත් වීම මෙන්ම  අනුදැනුම අත්‍යවශ්‍යමය. ක්‍රීඩාවේ පාරිශුද්ධත්වය සුරැකීමටත්, මෙවැනි අශීලාචාර ක්‍රියා තවදුරටත් සිදු නොවීමටත් මේ තරග පාවාදීම පිටුපස සිටියේ කවුරුන්දැයි යන්න හඳුනාගැනීමද අත්‍යවශ්‍යය.’ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29272,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දයාසිරිට අර්ජුනගෙන් ලිපියක්.
දයාසිරිට අර්ජුනගෙන් ලිපියක්.
http://ift.tt/2kuERl7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_899.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_899.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy