දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රූපලාවන්‍ය ක්ෂේත්‍රය නඟාසිටුවීමට නව ව්‍යාපෘතියක්.
Homeප්‍රවෘත්ති

රූපලාවන්‍ය ක්ෂේත්‍රය නඟාසිටුවීමට නව ව්‍යාපෘතියක්.

PropellerAds

අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීමේ සංකල්පයේ එක් පියවරක් ලෙස රට පුරා විසිරී සිටින රූපලා...

ඩෙල්ටා නිසා ඉදිරි සති දෙක තීරණාත්මකයි – මහාචාර්ය මලික් පීරිස් කියයි
සනත්ට අවුරුදු 7ක් ක්‍රිකට් තහනම් කරයි !
ආණ්ඩුව ප‍්‍රසිද්ධියේ හෑල්ලු කරන මැති ඇමැතීන්ට යන්න දොර විවෘතයි - අගමැති

අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීමේ සංකල්පයේ එක් පියවරක් ලෙස රට පුරා විසිරී සිටින රූපලාවන්‍ය හා කේෂාලංකරණ ශිල්පීන්ගේ සහ රූපලාවන්‍යාගාරයන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීම අරමුණ කරගත් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපෘතිය අග‍්‍රාමාත්‍යතුමාගේ යටතේ ඇති ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා  "SED Saloon" නමින් ක්‍රියාත්මක වේ. මෙම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යනු 1980 දශකයේ අග‍්‍රාමාත්‍යතුමා යෞවන කටයුතු හා රැකීරක්‍ෂා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවධියේ ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ සහාය ඇතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීමේ අරමුණින් ආරම්භ කරන ලද අංශයකි.

මෙම ව්‍යාපෘතියට මඟින් දැනුම ආකල්ප කුසලතා සංවර්ධන වැඩසටහන්, පාරිභෝගික සත්කාර පිළිබඳව වැඩසටහන්, අලෙවිකරණ හා කළමනාකරණ දැනුම ලබාදෙන වැඩසටහන් ආදී වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක වේ. රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය පොදුවේ සියලු දෙනාටම ගුණාත්මක සේවාවන් සපයන ක්ෂේත‍්‍රයක් බවට පත් කිරීම මෙහි මූලික අරමුණ යි.

මෙම වැඩසටහන සඳහා මේ වන විටත් දිස්ත‍්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි අයදුම්පත‍්‍ර 4328ක් පමණ ලැබී ඇත. රූපලාවන්‍යාගාරවල සම්මත ප‍්‍රමිතිය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය ඒකාබද්ධව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය ජූලි මාසයේ ආරම්භ කර මේ වනවිට සියලුම දිස්ත‍්‍රික්කයන්හි ක්‍රියාත්මක කර අවසන් කර ඇති අතර ඒ සඳහා කළුතර, කෑගල්ල, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවලින් ඉහල සහභාගීත්වයක් ලැබී තිබුණි.

රූපලාවන්‍ය ශිල්පීන්/ශිල්පිණියන් සඳහා ජාත්‍යයන්තරව පිළිගත් ජාතික පුහුණ සහතිකය (NVQ) ලබාගැනීම සඳහා යොමු කිරීම මගින් ඔවුන්ගේ වෘත්තිය සඳහා ජාත්‍යයන්තර පිළිගැනීමක් ලබා දීමට ද කටයුතු කරමින් ඇත. මෙම ව්‍යාපෘතිය පිළිබඳව තොරතුරු සහ එයට සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳව සෑම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයක ම ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ලබාගත හැකිය.

රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීමත් කුසලතා පූර්ණ රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිණියන් වාර්ෂිකව ඇගයීමට ලක් කර සම්මානයට පාත‍්‍ර කිරීමත් මෙම "SED Saloon"ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට නියමිත අතර පළමු සම්මාන ලබාදීමේ වැඩසටහන ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට ද නියමිතය. වර්තමානයේ තරුණ තරුණියන් අතර අතිශය ජනප‍්‍රිය ක්ෂේත‍්‍රයක් වන රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රමිතීන් ඇති කරවමින් ආකර්ෂණීය පෞරුෂයක් සහ සෞඛ්‍යමත් දිවියක් සදහා තරුණ තරුණියන් දිරිමත් කරවීමට මේ තුළින් බලාපොරොත්තු වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රූපලාවන්‍ය ක්ෂේත්‍රය නඟාසිටුවීමට නව ව්‍යාපෘතියක්.
රූපලාවන්‍ය ක්ෂේත්‍රය නඟාසිටුවීමට නව ව්‍යාපෘතියක්.
http://ift.tt/2yZxMi6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_768.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_768.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy