දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෝනොවන රෝග මර්දන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට
Homeප්‍රවෘත්ති

බෝනොවන රෝග මර්දන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට

PropellerAds

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 03% කට වැඩි ප්‍රතිශතයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වාර්ෂිකව ...

අනාගතය ගිල ගන්නා ප්ලාස්ටික් සුනාමිය
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්
අප්‍රිකානු කලාපය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමට රවීගෙන් යෝජනාවක්.
බෝනොවන රෝග මර්දන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 03% කට වැඩි ප්‍රතිශතයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වාර්ෂිකව වෙන් කරන බවයි. 2020 වනවිට එම ප්‍රතිශතය 05% ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙරට රෝහල්වල සිදුවන මරණවලින් සියයට 65 ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන මරණ බැවින් එය අවම අගයක් දක්වා ගෙනඒමට කටයුතු කළයුතු බවත් ඒ සඳහා රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් ඇමතිවරයා පවසිය. 
 
සම්මන්ත්‍රණයේදී තවදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
“දුම්පානය ආශ්‍රිත රෝගවලින් වසරකට මියයන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 25000 කට ආසන්න වෙනවා. එය සංඛ්‍යාත්මකව ගත් විට දිනකට මියයන සංඛ්‍යාව 60 ක් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොල පාලනය කිරීමේ සම්මුතියට ද ශ්‍රි ලංකාව අත්සන් තබා තිබෙනවා. දුම්වැටි භාවිතය අවම කිරීම සදහා සිගරට් පැකට්ටුක රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීම, දුම්කොල බද්ධ සියයට 90 දක්වා ඉහළ නැංවීම වැනි ක්‍රියාමාර්ග දියත් කර තිබෙනවා. දුම්කොල වගාවෙන් ජීවත්වන ජනතාව වෙනුවෙන් විකල්ප වගා ක්‍රම හදුන්වා දී තිබෙනවා. ජනමාධ්‍ය තුල දුම්කොළ දැන්වීම් පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් කිරීමට ද සියලු දුම් රහිත දුම්කොළ නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට ද රජය පියවර ගෙන තිබෙනවා.”
 
“බෝනොවන රෝග පාලනය කිරිම සදහා සීනි භාවිතය අවම කිරීමට පියවර ගැනීම ද ඉතාම වැදගත් වෙනවා. දියවැඩියාව, අධිරුධිර පීඩනය තරුණ ප්‍රජාවට මෙන්ම පාසල් සිසුන්ට ද බලපෑම් එල්ල කර ඇති බව අපි හදුනාගෙන තිබෙනවා. අයහපත් ආහාර රටාව ඊට ප්‍රධාන හේතුවක්. පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමය හදුන්වා දී ජනතාව සීනි පරිභෝජනයෙන් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා. රසකැවිලි නිෂ්පාදන සදහා ද මෙවැනිම ක්‍රමයක් හදුන්වාදීමට ද මම බලාපොරොත්තු වෙනවා. බෝනොවන රෝග සදහා අවශ්‍ය ඖෂධ වර්ගවල මිල අඩු කර තිබෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල යටතේ එම මිල අඩු කිරීම ද සිදු කළා. ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ද දියත් කර තිබෙනවා.”
 
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග මැඩපැවැත්වීමේ වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් මෙහිදී ඇගයීමට ලක් කරන ලදි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෝනොවන රෝග මර්දන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට
බෝනොවන රෝග මර්දන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට
http://ift.tt/2gKxZis
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_767.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_767.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy