මෙම ටොන් බිලියන අටකට අධික ප්ලාස්ටික්වලින් මිනිසා විසින් මේ දක්වා ප්‍රතිචක්‍රීකරණය කර ඇත්තේ 9% ක් පමණක් වීම මෙහි ඇති ඛේදවාචකයයි. 12% ක ප්ල...
මෙම ටොන් බිලියන අටකට අධික ප්ලාස්ටික්වලින් මිනිසා විසින් මේ දක්වා ප්‍රතිචක්‍රීකරණය කර ඇත්තේ 9% ක් පමණක් වීම මෙහි ඇති ඛේදවාචකයයි. 12% ක ප්ලාස්ටික් ප්‍රමාණයක් දවා හළු කර ඇති අතර” 79% ක් මිහිතලය මත අපද්‍රව්‍ය වශයෙන් ගොඩගසා තිබේ.
මේ අතර මෑතකාලීන වර්ෂවලදී ප්ලාස්ටික් නිෂ්පාදනය තව තවත් ඉහළ යමින් ඇත. ප්ලාස්ටික්වල ප්‍රත්‍යස්ථතාවය සහ දිගු කල් පැවැත්ම විසින් වාණිජ නිෂ්පාදකයන් ව දිනෙන් දින ඒ වෙත ආකර්ෂණය කරගන්නා අතර, ඒ අනුව ආහාර ඇසුරුම්කරණයේ පටන් ගුවන් යානා දක්වා අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන ජනප්‍රියතම මාධ්‍යයක් බවට පත්ව තිබෙන්නේ ප්ලාස්ටික් ය.
ප්ලාස්ටික් ජෛවීය වශයෙන් දිරාපත් නොවන ද්‍රව්‍යයකි. විද්‍යාඥයන් කියා සිටින්නේ අප මේ අන්දමින් දිගින් දිගටම ප්ලාස්ටික් නිෂ්පාදනයේ නිරත වුවහොත් වසර 2050 වන විට මිහිමත ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් බිලියන 12ක් ගොඩගැසෙනු ඇති බවයි.
ආචාර්ය ඩොනල්ඩ් ගෙයර් වත්මන් තත්වය උදාහරණ මගින් පැහැදිලි කර දෙයි. ඒ අනුව අප විසින් දැනට නිපදවා ඇති ප්ලාස්ටික් ටොන් බිලියන 8.3 එක තැනක ගොඩ ගැසුවහොත්” ලෝකයේ අටවැනියට විශාලම රට වන ආර්ජන්ටිනාවට සමාන භූමි භාගයක් එයින් සම්පූර්ණයෙන්ම වැසී යනු ඇත. “අප දිගින් දිගටම ප්ලාස්ටික්වලින් අපේ පරිසර පද්ධති දූෂණය කරනවා. මේ අන්දමින් මෙය දිගින් දිගටම සිදුවුවහොත් එහි අනිසි විපාක තේරුම් ගන්නා විට අප ප්‍රමාද වී වැඩි වේවි..”
මේ සම්බන්ධයෙන් සිය හඬ අවදි කරනා එකම විශේෂඥයා ආචාර්ය ගෙයර් පමණක් නොවේ. නෙදර්ලන්තයේ අට්රෙච් සරසවියේ ආචාර්ය එරික් වැන් සෙබිල් මෙසේ පවසයි. “අපි ප්ලාස්ටික් අපද්‍රව්‍ය සුනාමියකට මුහුණ දෙමින් සිටිනවා. මේ සමග ගනුදෙනු කළ යුත්තේ කෙසේද යන්න ගැන රැඩිකල් මත වෙනසක් අවශ්‍යයි”
එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්ලාස්ටික් දූෂණය පිළිබඳ දිගින් දිගටම සිය කණගාටුව පළ කරද්දී මිනිස් ආහාර දාමවලට ද ප්ලාස්ටික් ඇතුලු වී තිබේ.
2016 වසරේ ප්ලයිමවුත් සරසවිය විසින් සිදුකළ පර්යේෂණයකින් හෙළි වූ ආකාරයට එක්සත් රාජධානියේ මිනිස් පරිභෝජනය සඳහා අල්ලනු ලබන මත්ස්‍යයන්ගෙන් තුනෙන් එකකම ප්ලාස්ටික් අන්තර්ගත ය. කොඩ් ෆිෂ්, මැකරල් සහ කවච මසුන් වැනි, මිනිසුන් විසින් දෛනිකව පරිභෝජනය කරන සියලු සුලබ මත්ස්‍ය වර්ග මෙයට අයත් වේ.
ප්ලයිමවුත් හි සාගර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන රිචඩ් තොම්සන් පවසන්නේ, ප්ලාස්ටික් අර්බුදය මෙතරම් තීරණාත්මක වීමට එක් හේතුවක් වන්නේ දුර දිග නොබලා සිදුකරන නිෂ්පාදන අක්‍රමිකතා සහ ඒවායේ ව්‍යූහාත්මක සැලසුම් බවයි.
“ප්‍රතිචක්‍රීකරණය කළ යුතු බව” සිතේ තබාගෙන ප්ලාස්ටික් නිෂ්පාදනයේ නිරත වන්නේ නම් මේ ගැටළුව පැන නොනගින බව ඔහු කියා සිටියි. ඇතැම් පර්යේෂකයෙකුට අනුව නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ නම් එක් ප්ලාස්ටික් බෝතලයක් 20 වතාවක් පමණ ප්‍රතිචක්‍රීකරණයට ලක් කරන්නට පුළුවන. මෙය ඉතා හොඳ අගයකි.
ආචාර්ය ගෙයර් අවසාන වශයෙන් මෙසේ කියා සිටියි. “අපේ අරමුණ වන්නේ සැබෑ සංවාදයක් සඳහා සත්‍ය සංඛ්‍යාලේඛන නිරාවරණය කිරීමයි.” මේ අර්බුදය නිවැරදි කිරීම සඳහා ක්ෂණික පියවර ගනු ඇතැයි විශ්වාස කළ නොහැක. නමුත් මේ පර්යේෂණ පත්‍රිකාව බොහෝ දෙනෙකුගේ ඇස් අරවන්නකි. නුදුරු අනාගතයේ හෝ මෙම පැනය විසඳීම සඳහා අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කරමු.
ජුලියා ප්‍රොක්ටර් විසිනි.
පරිවර්තනය-අමාලි ජයවීර
COMMENTS