දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්

ශිකාර් ධවාන් සමග අභිනාව් මුකුන්ද් ඉන්දීය ඉනිම ආරම්භ කළ අතර අටවැනි පන්දුවාරයේදී මුකුන්ද් ක්‍රීඩාගාරයට හරවා යැවීමට නුවන් ප්‍රදීප් සමත් විය....

ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්
ශිකාර් ධවාන් සමග අභිනාව් මුකුන්ද් ඉන්දීය ඉනිම ආරම්භ කළ අතර අටවැනි පන්දුවාරයේදී මුකුන්ද් ක්‍රීඩාගාරයට හරවා යැවීමට නුවන් ප්‍රදීප් සමත් විය. ඒ වනවිට ඔහු ලබාගෙන සිටියේ ලකුණු 12 ක් පමණි. ඉන් පසු පිටියේ එක්වූ ධවාන් සහ චේටෙෂ්වර් පුජාරා දෙවැනි කඩුල්ලට ලකුණු 253 ක සබඳතාවයක් පිහිටුවීමට සමත් විය. 
 
පුජාරා සිය අන්තය ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් අතර ධවාන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බැට දෙමින් ලකුණු 190 ක් ලබාගැනීමට සමත් විය. ඒ සඳහා ඔහුට වැයවූයේ පන්දු 168 ක් පමණි. ඉන් පන්දු 31 ක් හතරේ සීමාව දක්වා හරවා යැවීමට ඔහු සමත් විය.
 
55 වැනි පන්දුවාරයේදී නැවතත් ක්‍රියාත්මක වූ නුවන් ප්‍රදීප් ශිකාර් ධවාන් දවාගැනීමට සමත් වූයේ ඔහුගේ කුළුඳුල් ද්විත්ව ශතකය පිළිබඳ බලාපොරොත්තු සුන් කරමිනි. ඊළඟ පන්දුවාරයේදී නැවත් ක්‍රියාත්මක වූ නුවන් ප්‍රදීප් නායක විරාට් කෝලි පිටියෙන් ඉවත් කළ අතර ඔහුට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 3 ක් පමණි.
 
දිනය අවසන් වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටින පුජාරා ලකුණු 144 ක් ලබාගෙන සිටින අතර කෝලිගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි අජින්ක්යා රහනේ ලකුණු 39 ක් ලබාගෙන සිටී. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 113 කි.
 
කවදත් දඟපන්දු යවන්නන්ට සහාය දෙන ගාලු තනතීරුව අද ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට කිසිදු සහායක් නොදැක්වූ අතර නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු දැවීගිය කඩුලු 3 ටම හිමිකම් කියයි.
 
හෙට තරගයේ දෙවැනි දිනයයි.
 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්
http://ift.tt/2v7ECB3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_431.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_431.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy