තමන් ඇතුළු පවුලේ සියලු දෙනා අවිහිංසාවාදයේ පියා වන මහත්මා ගාන්ධිගේ වටිනාකම් අනුගමනය කරන බවත් ඒ අනුව සතුරෙකුගේ ඝාතනයකදී වුවද සතුටු විය නොහැ...
තමන් ඇතුළු පවුලේ සියලු දෙනා අවිහිංසාවාදයේ පියා වන මහත්මා ගාන්ධිගේ වටිනාකම් අනුගමනය කරන බවත් ඒ අනුව සතුරෙකුගේ ඝාතනයකදී වුවද සතුටු විය නොහැකි බවත් රාහුල් ගාන්ධි මහතා වැඩිදුරටත් පවසා තිබේ.
එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාරකන්ගේ ඝාතනයත් සමග යුද්ධය අවසන් වූ අතර හන්දියක් හන්දියක් පාසා බොහෝ දෙනා කිරිබත් කමින් සතුට භුක්ති විඳිනු දක්නට ලැබිණි. එපමණක් නොව වසරක් පාසා එම දිනය කේන්ද්‍ර කර ගනිමින් සතුට සමරනු අප අත්විඳ තිබේ. විශේෂත්වය වන්නේ රාජ්‍ය අනුග්‍රහය මත මෙවැනි දේ සිදුවීමයි.
සිංහල ජාතියේ අභිමානය, බුදුදහමේ වටිනාකම් පිළිබඳව දිවා-රෑ උගුර ලේරහ වනතුරු කෑගාන භික්ෂූන් සහ ජාතික නායකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් මෙහි ප්‍රමුඛත්වය ගත් අතර රාහුල් ගාන්ධි ඔවුන්ට එල්ල කරන්නේ දැඩි කනේ පහරකි.
බෞද්ධ දර්ශනය අනුගමනය කරන කිසිවෙකුට තවත් මිනිසකුගේ තබා තිරිසන් සතෙකුගේ හෝ මරණයකින් සතුටු විය නොහැකිය. ප්‍රභාකරන්ගේ ඝාතනය සමගින් යුද්ධය අවසන්වීමේ සතුට භුක්ති විඳිනවා හැර තවත් මිනිසකුගේ ඝාතනයකින් සතුටුවීමට, ඒ සතුට හන්දියක් හන්දියක් ගානේ සැමරීමට හැකි මෙවැනි පුද්ගලයන්ට කිසිදිනෙක බෞද්ධයෙකු විය නොහැකිය.
රාහුල් ගාන්ධි මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තමා පමණක් නොව ප්‍රියංකා ගාන්ධි ඇතුළු සිය පවුලේ සියලු දෙනා ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් කම්පාවට පත්වූ බවයි.
සිය පියා ඝාතනයට ලක්වන විට රාහුල් 21 හැවිරිදි වියේ පසුවූ අතර ඔහුට පියා අහිමි වූයේ පියා තමන් සමීපයේ සිටිය යුතු අත්‍යවශ්‍යම අවධියේදීය. එහෙයින් ඔහුට පියාගේ ඝාතනයට වගකිවයුතු පුද්ගලයන් කෙරෙහි දැඩි වෛරයක් තිබිය යුතුය. එහෙත් රාහුල් සිය සතුරාගේ විපතේදී පවා සංවේගයට පත්වෙමින් මිනිස්කමේ වටිනාකම් ලොවටම හඬගා කියයි.
ජාතිය, ආගම, රට ගැන දිවා රෑ කෑ ගසන දේශපාලනඥයන්ට, ආගමික නායකයන්ට රාහුල් ගාන්ධිගෙන් බොහෝ දේ උගත හැකි අතර ඔහු කියාදෙන පළමු පාඩම වන්නේ සියලු දේට පළමුව මිනිසකු ලෙස සිතිය යුතු බවයි.
COMMENTS