දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රථ වාහන දඩ මුදල් හා දඬුවම් ගැන අලුත් ලැයිස්තුවක්
Homeප්‍රවෘත්ති

රථ වාහන දඩ මුදල් හා දඬුවම් ගැන අලුත් ලැයිස්තුවක්

PropellerAds

රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන දඬුවම් හා දඩ මුදල් පිළිබඳව නව  ලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා මූලි...

වැරදි පුවත් දැම්මොත් වසර 5ක් හිරේ.. ලක්‍ෂ 10ක් දඩ !
එජාපෙ ජනපති අපේක්ෂකයා කතානායකයා කරු ජයසූරිය විය යුතු බව ජන සමීක්ෂණයකින් හෙළි වේ !
ධූරය අත්හැරි හකීම් ජාත්‍යන්තරයත් නොමග යැවීමේ සූදානමක !
රථ වාහන දඩ මුදල් හා දඬුවම් ගැන අලුත් ලැයිස්තුවක්

රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන දඬුවම් හා දඩ මුදල් පිළිබඳව නව  ලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා මූලික වැඩකටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා පැවසී ය.

රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන දඬුවම් හා දඩ ප්‍රමාණයන් සංශෝධනයට අදාළව අදහස් ලබාදෙන ලෙස පෞද්ගලික බස් සංගම්වලට ද දැනුම් දී ඇත.

නව දඩ මුදල් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව රැස්වූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදකළ බව ලේකම්වරයා සඳහන් කළේය.

මෙම සතිය තුළ අදාළ අදහස් ලිඛිතව ලබාදෙන ලෙස පෞද්ගලික බස් සංගම්වලට දැනුම් දී තිබේ.

ඒ අනුව ලැබෙන යෝජනා සහ අදහස් පිළිබඳව අවධානයයොමු කොට දඬුවම් හා දඩ ප්‍රමාණයන් පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.

මේ අතර පසුගිය සිකුරාදා දිනයේ පැවති බස් වර්ජනය අතර තුර රාජ්‍ය දේපළ හා මහජනතාවට හානිකළ පිරිස් නීතිය හමුවට ගෙනඒමට කඩිනමින් කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ ක්‍රියාව පිටුපස ආණ්ඩු විරෝධී බලවේගයක් ක්‍රියාත්මක වි ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවයි.

මේ වනවිටත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයින් 31දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුරදී හමුදා සෙබලෙකු අසාද්‍ය තත්ත්වයට පත් කරමින් සිදුකළ පහරදීම්වලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වර්ජනය ක්‍රියාත්මක වූ දිනයේ සිදුකළ පහරදිම්වලින් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 128කට හානී සිදුවී ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රථ වාහන දඩ මුදල් හා දඬුවම් ගැන අලුත් ලැයිස්තුවක්
රථ වාහන දඩ මුදල් හා දඬුවම් ගැන අලුත් ලැයිස්තුවක්
http://ift.tt/2gx14IM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_342.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_342.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy