ඊළඟ දිනයේ සුමනදාසව අමතා ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාය. සුපුරුදු මොත්තය අනුව යමින් මහින්ද " සුමනේ ... කොහොමද ඉතිං තොරතුරු ...
ඊළඟ දිනයේ සුමනදාසව අමතා ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාය. සුපුරුදු මොත්තය අනුව යමින් මහින්ද " සුමනේ ... කොහොමද ඉතිං තොරතුරු ? ඇයි දැන් මේ පැත්තෙ එන්නෙවත් නැත්තේ ? මොකද වෙලා තියෙන්නේ ?" යනුවෙන් විමසා ඇත. "එනවා තියා ඔය පැත්ත හැරිලාවත් බලන්නෙ කොහොමද මහින්ද මහත්තයෝ නාමල් බේබි අපිට කතා කරන විදිහට ?" යනුවෙන් පවසමින් සුමනදාස හිටපු ජනාධිපතිවරයාට විස්තරය කියා තිබේ.
එහිදී මහින්ද " ඔව්වා ගණං ගන්න එපා සුමනේ ... දන්නැද්ද ඉතිං කොල්ලොනේ ... උන් තරහ ගියාම කටට එන හැම එකම කියනවානේ ..." යනුවෙන් ශේප් න්‍යායෙන් පිළිතුරු දී ඇත. එහිදී සුමනදාස මහින්ද උපදේශයක් ද දෙමින් පවසා ඇත්තේ "මහින්ද මහත්තයෝ, නාමල් බේබිව පුළුවන් නම් වෙන රටකටවත් යවන්න. මෙහෙ හිටියොත් එයාට දේශපාලනය කරන්න නෙවෙයි වෙන්නේ, ඔහොම ගියොත් එයා හිරේ විලංගුවෙ වැටිලා ප්‍රජා අයිතියත් අහෝසි කරගෙනයි නතර වෙන්නේ" යනුවෙනි.
සුමනදාස හෙවත් සාත්තර සුමනේ මහින්දට දුන් උපදේශය ඔහුට දෙන්නට අපට නම් සාත්තර බැලීමේ වුවමනාවක් නැත. අප කාලයක පටන් ම කියන්නේ නාමල්ගේ ගමන කෙළවර වන්නේ ප්‍රජා අයිතිය ද අහෝසි කරගෙන බවය. එසේම සුමනදාස නාමල්ගේ කට වැසූ "අර ෆයිල් එක" ගැන අපට ද යම් තොරතුරක් ලැබී තිබේ. ඒ රුපියල් මිලියන 20ක් වියදම් කර දැනට වසන් කරගෙන ඉන්නා දරුණු අපරාධයක් සම්බන්ධවය. ඇමති මහින්ද අමරවීර සහ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම අපරාධය යට ගැසීමට හවුල් ය. මේ සම්බන්ධව ලංකා නිව්ස් වෙබ් අපේ විමර්ශන තවමත් අවසන්ව නැත. කරුණු තහවුරු කරගත් සැණින් එම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීමට අප සූදානම් ය.
COMMENTS