බලන්ගොඩ වෙලේකුඹුර ප්‍රදේශයේ පදිංචි ටී.පී.ඩබ්ලිව් සේපාලිකා සම්න්මලී (24) නැමති දෙදෙරු මව මෙම ඉරණමට මුහුණ දී ඇත. ඇයට අවුරුදු දෙකක හා අව...
බලන්ගොඩ වෙලේකුඹුර ප්‍රදේශයේ පදිංචි ටී.පී.ඩබ්ලිව් සේපාලිකා සම්න්මලී (24) නැමති දෙදෙරු මව මෙම ඉරණමට මුහුණ දී ඇත. ඇයට අවුරුදු දෙකක හා අවුරුදු තුනක කුඩා දරුවන් දෙදෙනකු සිටී. එහෙත් තම සැමියා ඇප මත නිදහස් වීමෙන් පසුව ප්‍රදේශය මගහැර ගොස් අධිකරණය වෙත ද නොපැමිණ ඇති හෙයින් ඇප කාරිය වූ ඇයට රුපියල් ලක්ෂයක මුදල ගෙවීමට අධිකරණය නියෝග කලේය.එ එම මුදල ගෙවීමට ඇය අපොහොසත් වීම නිසා මාස හයක 06 සිර දඩුවම් නියම කරණු ලබූවේ බලංගොඩ මහේස්ත්‍රාත් දුමින්ද පී.මුදුන්කොටුව මහතා විසිනි.
මෙම තත්වය මත දරුවන් දෙදෙනා රැකබලා ගැනීමේ කාර්යය එම කාන්තාවගේ මවට පැවරී ඇති නමුත් ඔවුන්ගේ පවුලේ ආර්ථික තත්වය ඉතා පහළ මට්ටමක පැවතීමෙන් මෙය විශාල අභියෝගයක් වී ඇත. මෙම කුඩා දරුවන් දෙදෙනාටම මේ වනවිට තම මවත් පියාත් නොමැතිව අසරණ වී සෙනෙහස අහිමිව ඇත. එබැවින් මෙම නෑ හිතවතුන් පවසන්නේ මෙම ඇප මුදල කිසිවකු හෝ ගෙවා දැමුවහොත් ඇයට නිදහස ලබා ගැනීමට හැකිවන බවයි.
මේ පිළිබද නීතිමය තත්වය බලංගොඩ නීතිඥ සංගමයේ සභාපති අධිනීතිඥ දේශබන්දු සූරියපටබැදි මහතාගෙන් විමසීම් කිරීමේදී,ඒ මහතා කියාසිටියේ, තම සැමියා බේරා ගැනීමට ඇප අත්සන් කල බිරිදට යම් හානියක් සිදුව ඇතිබවත්, බොහෝදෙනා ඇප අත්සන් කිරීමේදී එම කොන්දේසි ගැන මනා වැටහීමක් නොමැතිව ගිවිසුම් කොන්දේසි ගැන අවබෝදයක් නොමැතිව ඇප අත්සන් කළ ද අදාල චූදිතයා ඉදිරිපත්කරලීමට නොහැකි වුවහොත් ඇපකරුට අදාල මුදල ගෙවීමට හෝ ගරු උසාවිය ලබාදෙනු ලබන දඬුවමකට හෝ යටත්වන බවයි.
එනමුත් මෙම දඬුවමට ලක්වූ කාන්තාව කුඩා දරුවන් දෙදෙනකු සිටින මවක් වන බවත්, ඇය මානසික රෝගී තත්වයක් නිසා දැනට මාස ගනනාවක සිට වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බවත්, පවුලේ ආර්ථික තත්වය ඇතුළු තොරතුරු අධිකරණය වෙත ඉදිරිපත් කලානම් යම් සහනයක් හෝ ලබාගැනීමට හැකියාව ඇතිබව වාර්ථා වේ. කුඩා දරුවන් දෙදෙනා රැකබලා ගැනීමට සිටින ආච්ච් අම්මා රෝගී තත්වයෙන් පසුවන බවද පැවසේ.
කෙසේ නමුත් මේ පිළිබඳව කිසිවකු හෝ ඉදිරිපත්ව අදාල දඩ මුදල ගෙවා දැමුවහොත් අදාල කාන්තාවට නිදහස ලබා ගැනීමට හැකියව ඇත.
- වාර්ථාව ඉදුනිල් කැළුම් ජයවීර / ආනන්ද
COMMENTS