රට ඉදිරියේ පවතින බරපතළ අභියෝග ජය ගැනීම සඳහා විශාල ශක්තියක් සහ හැකියාවක් ජනාධිපතිවරයා සතුයි. සියලු ජාතීන්ගේ එකඟතාවයෙන් ජාතික ප්‍රශ්නයට විසඳ...
රට ඉදිරියේ පවතින බරපතළ අභියෝග ජය ගැනීම සඳහා විශාල ශක්තියක් සහ හැකියාවක් ජනාධිපතිවරයා සතුයි. සියලු ජාතීන්ගේ එකඟතාවයෙන් ජාතික ප්‍රශ්නයට විසඳුමක් දිය හැකි නායකයා ජනාධිපතිවරයා පමණක් බවත් ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජේයෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.
මෙම අදහස් පළ කළේ පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහ විහාරස්ථානයේ කඨින පූජෝත්සවය සහ වාහල්කඩ සහ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කොට තිබූ පුණේයාත්සවය අමතමිනි.
මෑතකදී ජනාධිපතිවරයා මුණගැසී දීර්ඝ වේලාවක් තමන්ගේ අදහස් පළ කළ බව සිහිපත් කළ අභයතිස්ස හිමියෝ, ඒ සා දීර්ඝ වේලාවක් ඉතා සන්සුන්ව තමාට සහ තම පිරිසට ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා අවසානයේ ස්ථීරසාර ලෙස පළකළ අදහස එතුමාට මේ රටත් රටේ වැසියනුත් ගැන ඇති හැඟීම ඉතාම ගැඹුරින් පෙන්නුම් කළ බවද සඳහන් කළහ.
නිදහස ලැබුණු දා සිට මේ රටේ සුළු ජනවර්ග හා මහ ජනවර්ග අතර ගැටලු අවුළුවනුයේ දේශපාලනඥයන් විය හැකි වුවද එසේ ඇවිළවිය හැකි යම් මූල බීජයක් පවතින බවත්, එම මූල බීජය ඉවත් කොට සියලු ජාතීන්ට සමඟියෙන් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ජනාධිපතිවරයා තමා සහ පිරිසට සඳහන් කළ බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙම පුණේයා්ත්සවයට සහභාගි වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ ගැටුම් නිරාකරණය පිළිබඳ ගැඹුරින් දේශනා කළ ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ බවත් ගැටුම් නිරාකරණයට විවිධ ක්‍රමවේද තිබිය හැකි වුවද බෞද්ධ ප්‍රතිපත්තිය වනුයේ, කිසිම ජීවිතයක් විනාශ නොකිරීම මෙන්ම කිසිම ජීවිතයක් විනාශවන්නට ඉඩ නොතබමින් ගැටුම් නිරාකරණය කර ගැනීම බවත්ය.
ගැටුම් නිරාකරණය විද්‍යාවක් මෙන්ම ශාස්ත්‍රීය විෂයයක් ද වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එය නූතන උසස් අධ්‍යාපනයේ අංගයක්ද වන බැවින් අප අද මුහුණපා සිටින ගැටුම් නිරාකරණයද මනා හැදෑරීමකින් යුතුව, විද්‍යාත්මක හා ශාස්ත්‍රීය පදනමකින් යුතුව කළ යුතු බව ද පැවැසීය.
අභාවප්‍රාප්ත තම මෑණියන් සිහිවීම පිණිස මහේල පෙරේරා මහතා සහ දිල්ෂාන් විජේතුංග මහත්මියගේ ධන පරිත්‍යාගයෙන්, විහාරස්ථානයේ ඉදිකළ වාහල්කඩ ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරුණු අතර කඨින චීවරය ධර්මශාලාව වෙත වැඩමවා සඟ සතුකොට පූජා කිරීමේ පුණේයා්ත්සවයටද ජනාධිපතිතුමා එක්විය. විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති නා හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ ද අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ජීවන් කුමාරතුංග ඇතුළු මැති ඇමැතිවරු ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති සම්පත් අමරතුංග මහතාද, විහාරස්ථ දායක දායිකාවන් විශාල පිරිසක්ද මෙම පුණේයා්ත්වයට එක්ව සිටියහ.

COMMENTS