කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට නොතීසි නිකුත් කොට තිබුණු අතර ඒ අනුව අද උදෑසන සාක්ෂි ලබා දීම සඳහා ඔවුන් එහි පැමිණ තිබේ. පර්පචුවල් ට්...
කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට නොතීසි නිකුත් කොට තිබුණු අතර ඒ අනුව අද උදෑසන සාක්ෂි ලබා දීම සඳහා ඔවුන් එහි පැමිණ තිබේ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝශියස්, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් ඇමති රවී කරුණානායක, මහ බැංකු නිලධාරීන්, රාජ්‍ය බැංකු ප්‍රධානීන් ඇතුළු පාර්ශ්ව ගණනකින් මේ වන විට කොමිසම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
බැඳුම්කර පිළිබඳ විමර්ශන ජනාධිපති කොමිසමෙහි නිල කාලය ලබන 27 වනදායින් අවසන් වීමට නියමිතව තිබේ.
කෙසේවෙතත්, මලික් සමරවික්‍රම සහ බැඳුම්කර කොමිසම හමුවට කැඳවෙනු ඇති බවට සහ බැඳුම්කර මගඩියේ අභ්‍යන්තර කරුණු පිළිබඳ ලංකා නිව්ස් වෙබ් අප අනාවරණය කළේ මීට මාස 2කට පමණ පෙරය. අදාල පුවත පහතින් දැක්වේ.
COMMENTS