ඔහු වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන බවට බන්ධනාගාර නිලධාරින් අධිකරණයට කළ කරුණු දැක්වීම අවිධිමත් බව අධිකරණය තීරණය කර ඇත. එම සැකකරු බ...
ඔහු වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන බවට බන්ධනාගාර නිලධාරින් අධිකරණයට කළ කරුණු දැක්වීම අවිධිමත් බව අධිකරණය තීරණය කර ඇත. එම සැකකරු බන්ධනාගාර රෝහලේ හෝ වෙනත් ප්‍රධාන රෝහලක ප්‍රතිකාර නොලැබ වැලිසර රෝහලේ ප්‍රතිකාර ලැබීමට විශේෂ හේතුවක් පවතීද යන්න පිලිබඳ හේතු විමසමින් බන්ධනාගාර අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නොතීසි නිකුත් කර තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අධිකරණය මඟහරිමින් හිදින හෙට්ටිආරච්චි නමැති නාවික නිලධාරියා අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් අද දිනයේද අධිකරණය නිකුත් කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය පැවසීය. නැවත නඩු විභාගය නොවැම්බර් 01 වැනි දිනට කල් තැබුණි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS