කදුරට ජාතික පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරීමට කැමැත්ත පලකළේය. එම පක්ෂය මේ බව කියා සිටියේ අ...
කදුරට ජාතික පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරීමට කැමැත්ත පලකළේය. එම පක්ෂය මේ බව කියා සිටියේ අද නෙඵම් මාවත කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡවේදීය.
කදුරට ජාතික පෙරමුණ වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය රිෂී සෙන්දිර් රාජ් මහතා ඇතුඵ පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම සාකච්ඡවට එක්විය.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සංධානය දිනවිමේ හැකියාව තම පක්ෂය සතු බවයි කදුරට ජාතික පෙරමුණේ මධ්‍යම කාරක සභිකයින් මෙහිදී සදහන් කළේ. ඊට අමතරව කෑගල්ල, බදුල්ල, මහනුවර සහ මාතලේ යන දිස්ත‍්‍රික්ක සදහාද අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට තම පක්ෂය සූදානම් බවත් එම දිස්ත‍්‍රික්ක සියල්ල පොහොට්ටුවේ ජයග‍්‍රහනය වෙනුවෙන් මෙහෙයවීමේ ශක්තියද තමන් සතු බවත් එම පෙරමුණ අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ කදුකර ජනතාව නියෝජනය කරන ප‍්‍රධානතම දේශපාලන පක්ෂයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සම`ග සංධානගත වීම සුවිශේෂී ජයග‍්‍රහනයතක් බවයි. ආණ්ඩු විරෝධී බලවේග සියල්ල එකට ගොනුකර ගත් රටේ දැවැන්තම දේශපාලන සංධානය බිහි කිරීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේකෂාවයි. ජාති, ආගම්. පක්ෂ , පාට භේදයකින් තොරව රට වෙනුවෙන් අවංකව හඩ නගන සියලූ බලවේගයන්ගේ පොදු වේදිකාව ලෙස ගොඩනැගෙමින් තිබෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ නව දේශපාලන සංධානයට එක් වූ කදුරට ජාතික පෙරමුණ ඉතා සතුටින් පිළිගන්නා බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළේය.
කදුරට ජාතික පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී වර්තමාන රජයට සහය පළ කළ කදුකරයේ ප‍්‍රමුඛතම දේශපාලන බලවේගයකි. එමෙන්ම එම පෙරමුණ 2015 වසරේදී මනෝගනේෂන් මහතාගේ නායකත්වයෙන් බිහි වූ දෙමළ ප‍්‍රගතිශීලී සංධානයේ ප‍්‍රධානතම පාර්ශවකරුවෙකි. උතුරු සහ නැගෙනහිර දෙපළාතෙන් බැහැරව ජීවත් වන දෙමළ ජනතාව පදනම් කර ගත් දෙමළ ප‍්‍රගතිශීලී සංධානයේ ප‍්‍රදානතම පාර්ශවකරුවකු වන කදුරට ජාතික පෙරමුණ ඉන් ඉවත් වී ශ‍්‍රීී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීම විශේෂතත්වයකි.
ශී‍්‍ර ලංකා තව්හිත් ජමාත් සංවිධානය , ලිබරල් පක්ෂය , දෙමළ එක්සත් නිදහස් පෙරමුණ, ශ‍්‍රී ලංකා ප‍්‍රගතිශීලී පෙරමුණ , ජනතා සේවක පක්ෂය, සධාරණ සමාජයක් සදහා වූ පුරවැසි පක්ෂය, කදුරට මුස්ලිම් සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් උලමා පක්ෂය හෙට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධානගත වීමට සූදනෙමින් සිටී.
– සංජීව එදිරිමාන්න
COMMENTS