උපවාසයේ නිරත වූ සිසුන් කියා සිටියේ දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරත දේශපාලන සිරකරුවන් තිදෙනා හා එම තිදෙනාගෙන් අයෙකු වන මදිඅරසන්...
උපවාසයේ නිරත වූ සිසුන් කියා සිටියේ දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරත දේශපාලන සිරකරුවන් තිදෙනා හා එම තිදෙනාගෙන් අයෙකු වන මදිඅරසන් සුලක්ෂන් නැමැත්තා වහාම වව්නියාව බන්ධනාගාරයට මාරුකරන ලෙසයි.
එසේම මදිඅරසන් සුලක්ෂන් නැමත්තාගේ නැගණිය වූ මදිඅරසන් නිෂාන්තිනි මේ වන විට යාපනය සරසවියේ කලා අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබයි.
එමෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ යෙදී සිටින සිරකරුවන් නැවත වව්නියාව බන්ධනාගාරයට ගෙන ආයුතු බවටත් එසේ නොවන්නට මාරාන්තික උපවාසය අවසන් නොකරන බවටද උපවාසයේ යෙදී ඇති සිසුන් වැඩි දුරටත් කියා සිටියහ.
පසුගියදා උතුර පුරාවට හර්තාල් ව්‍යාපාරයක්ද පැවතියේ අදාල සිරකරුවන් නිදහස් කිරීම හා වව්නියාව බන්ධනාගාරයට මාරු කිරීම වැනි කාරණා ප්‍රධාන කොට ගෙනය.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS