දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිවරණය හා මහ මැතිවරණය කල් දමයි?
Homeප්‍රවෘත්ති

ජනපතිවරණය හා මහ මැතිවරණය කල් දමයි?

PropellerAds

පා ස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත්, මුස්ලිම් වැසියන් ඉලක්ක කර සිදුකෙරුණු ප්‍රචණ්ඩත්වයත් හේතුවෙන් දැනට ක්‍රියාත්මක හදිසි නීති තත්වය හේත...

චීන ආරක්ෂක ඇමැති යද්දී හෝන් ගසා විරෝධය පළ කළ තරුණයකු අත්අඩංගුවට
69 ලක්ෂයට ස්තූතියි මේ වෙලාවේ අපිව බලයට ගෙනාවට.. සජිත් හිටියා නම් වෙන්නේ මහ මඟ මැරෙන්න - SLPP
වසන්ත සැණකෙළියෙන් ආණ්ඩුව ඇඟ බේරාගැනීමේ සූදානමක් !
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත්, මුස්ලිම් වැසියන් ඉලක්ක කර සිදුකෙරුණු ප්‍රචණ්ඩත්වයත් හේතුවෙන් දැනට ක්‍රියාත්මක හදිසි නීති තත්වය හේතුවෙන් ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිය හැකිදැයි රජයේ ප්‍රබලයන් විමසීමක් සිදු කර ඇතැයි වාර්තා වේ.හදිසි නීති තත්වය හේතුවෙන් භාරකාර රජයක් ලෙස නව ආණ්ඩුවක් පත් කිරීමට ද මෙහිදී අවධානය යොමුව ඇති බව පැවසේ.


ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් ද ජනාධිපතිවරයාට මේ යෝජනාව සිදුකර ඇති බව මාධය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ හදිසි නීතිය යටතේ මැතිවරණ කල් දැමීමට නොහැකි බවයි.

ඒ හදිස්සි නීතිය නිසා මැතිවරණ කල් නොදැමිය හැකි බව FR/512/1998 යන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් පැහැදිළිව ප්‍රකාශ කර ඇති බැවින් බවයි.

අදාළ මැතිවරණ දෙකෙන් එකක් හෝ කල් දැමීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව ද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

එවැනි කාරණාවක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෝ තමා සමඟ කිසිවකු සාකච්ඡා කර නොමැති බවද මැතිවරණ කොමසාරිස් වරයා අවධාරණය කළේය.

පළාත් සභා ඡන්දයට විකල්ප දෙකක්

මේ අතර පළාත් සභා ඡන්දය පවත්වන්නේ නම් ඊට සරල විකල්ප දෙකක් ඇති බව පැෆ්රල් සංවිධානය කියා සිටී.

ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ සීමා නිර්ණ වාර්තාව ගැසට් නිවේදනයක් මගින් ජනපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් කිරීම හෝ පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගන්නා ලද නව මිශ්‍ර ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වන වකවානුව 2020 න් පසුව යෙදෙන ආකාරයට සරල සංශෝධනයක් සිදු කිරීම බව ඔවුන් පෙන්වා දෙයි.

ඊට පසුව පහසුවෙන් පැරැණි සමානුපාතික ක්‍රමයට ඡන්දය පැවැත්විය හැකි බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටී.

රටේම පළාත් සභා එකපාරට

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු මාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටින්නේ ඌව පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසුව දිවයින පුරා එකවර පළාත් සභා ඡන්දය තබන බවයි.

පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පිරිසක් කතානායක වරයා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව ද වාර්තා වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිවරණය හා මහ මැතිවරණය කල් දමයි?
ජනපතිවරණය හා මහ මැතිවරණය කල් දමයි?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjskwLUYjpnTEO6FCLAbgHWUIoeoyyatxuHUlN6uZZ4fgQBa6m8BZQazdFA4nTu-cH2I7GRmAbBtQr4ODZo15ogkfECIfW4f2O2cMqwYQJL42hM_Ip1-EYhOztQ1-zuIokBmp_nx-3CX47/s320/ea3983d75fe18abea0aaaeb99fe18f18_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjskwLUYjpnTEO6FCLAbgHWUIoeoyyatxuHUlN6uZZ4fgQBa6m8BZQazdFA4nTu-cH2I7GRmAbBtQr4ODZo15ogkfECIfW4f2O2cMqwYQJL42hM_Ip1-EYhOztQ1-zuIokBmp_nx-3CX47/s72-c/ea3983d75fe18abea0aaaeb99fe18f18_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_644.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_644.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy