දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දළදා මැඳුරේ ප්‍රවේණි ඉඩම් විකුණූ මුදල්, බහිරවයෝ ගිලිති.
Homeප්‍රවෘත්ති

දළදා මැඳුරේ ප්‍රවේණි ඉඩම් විකුණූ මුදල්, බහිරවයෝ ගිලිති.

PropellerAds

ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් විකුණා ලැබූ කෝටි ගණනක මුදලක් යටිමඩි ගසා ගැනීමක් පිළිබඳ පොලිස් පරීක්‍ෂණ හරහා කරුණු හෙළිවී ඇත. ශ්‍රී...

IDH රෝහලේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කර සුව කරන්න සූදානම්.. සත පහක් එපා..- රාවණ පරපුරේ රිටිගල වෙද මහතා (video)
වසංගතයක් සමාජගත වුණාම මිනිස්සු පැනික් වෙනවා. මහර, අටළුගම එතැනින් තේරුම් ගන්න ඕනෑ - කුමුදේශ්
චොකා මල්ලීට, දුමින්ද සිල්වාට සහ තංගල්ලේ හිටපු සභාපතිට වැලිකඩ රෝහලේ වෙනම තැනක්

ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් විකුණා ලැබූ කෝටි ගණනක මුදලක් යටිමඩි ගසා ගැනීමක් පිළිබඳ පොලිස් පරීක්‍ෂණ හරහා කරුණු හෙළිවී ඇත.

ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් ලෙස හඳුනා ගත් පේරාදෙණියේ් පිහිටි උඩවත්ත සහ මල්නයිදාගේ හේන නැමති අක්කර 9ක් විශාල ඉඩම් දෙකක් රුපියල් 92,870,000කට සින්නක්කර ඔප්පු මගින් විකුණා ඇත. ඉඩම් විහාර දේවාල ගම් ආඥා පනත අනුව ප්‍රවේණි ඉඩම් විකිණිය හැකිය. එහෙත් එෙසේ විකුණන අවස්ථාවක එකී ඉඩම් ප්‍රවේණි ඉඩම් බව දැක්විය යුතු අතර, ඉඩම් මිල දී ගන්නන් ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරිවලට යටත් බව සඳහන් කළ යුතුවේ. එහෙත් මෙම ඉඩම් විකිණීම පිණිස පාර්ශ්වකරුවන් ලෙස දියවඩන නිලමේ නිලංග දෑල අත්සන් කර ඇති නමුත් එකී ඉඩම් ඔප්පුවල ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරිවලට අයත් බව දක්වා නැත. මේ ඉඩම් විකිණීමෙන් රුපියල් 92870000ක ආදායමක් ලබා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවේ. එහෙත් මේ සුවිසාල මුදල් ප්‍රමාණයෙන් ශ්‍රී දළදා මාලිගාවට ලැබි ඇත්තේ රුපියල්730000ක් පමණය.

විහාර දේවාල ගම් ආඥා පනතේ 27 වගන්තිය අනුව, රාජකාරි අයිතිය සතු ඉඩම් වෙනත් අයකුට පැවරිය සිදුකළ හැකිය. එවැනි පැවරීමක් සිදු කළ වහාම ඉඩමේ නව හිමිකරු ඒ බව බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත දැන්විය යුතුව ඇත. එහෙත් විහාර දේවාල ගම් ආඥා පනත අනුව මෙම ඉඩම් කොටස් මිල දී ගත් කිසිවකු මේ නියමය අනුව ක්‍රියා කර නැත. ඊට හේතුව එකී ඉඩම් හිමිකම පැවරූ සින්නක්කර ඔප්පුවල අදාළ ඉඩම් රාජකාරියට යටත් බව සඳහන් නොවන බව පරීක්‍ෂණ වාර්තා අනුව හෙළිවී ඇත.

ලබා ගත් සාක්‍ෂි සටහන් අනුව රාජකාරි වෙනුවෙන් රුපියල් 730000ක මුදලක් ශ්‍රී දළදා මාලිගාවේ තැම්පත් කර ඇත. එකී තැම්පත් කළ යුත්තේ නව ඉඩම්ලාභීන් විසිනි. එහෙත් ඉඩම් මිලට ගත් කිසිවකු තමන් තැම්පත් කළ මුදල් ප්‍රමාණය ගැන දැනුවත්ව නැත. සත්‍ය ලෙසම සිදුවී ඇත්තේ රාජකාරි ඉඩම් කට්ටි කඩා විකිණීමේ දී ලබා ගත් ආදායමෙන් වැඩි කොටසක් යටිමඩි ගැසීමය. රාජකාරි කළ යුත්තේ ඉඩම්ලාභීන් විසිනි. එහෙත් මෙම ඉඩම් මිල දී ගත් කිසිවකු තම ඉඩම් ප්‍රවේණි ඉඩම් බව දැනුවත්ව නැත.

එසේම මෙකී ඉඩම් හිමියන් වෙනුවෙන් රුපියල් 730000ක මුදල තැම්පත් කර ඇත්තේ ඉඩම් ගනු-දෙනුවට සම්බන්ධ අතරමැදි පුද්ගලයන් විසිනි. මෙකි රාජකාරි ඉඩම් ඉරහඳ පවත්නා කල් භාරයක් ලෙස ශ්‍රී දළදා මාලිගාවට අයත් විය යුතුව ඇත. එහෙත් මෙකී දූෂණය නිසා එකී ඉඩම් ප්‍රමාණයේ වෙළෙඳපොළ වටිනාකම හෝ එකී ලේඛනවලින් සඟවා එකී ඉඩම් අවිධිමත් ලෙස විකුණා ඇත. මෙම වංචාව හෝ දූෂණය ගැන නීතිපති වෙත පැමිණිලි කර ඇත. එසේම මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට අංක බී 34983/2015 සහ 2015.05.29. දින ඇතිව කරුණු වාර්තා කර තිබේ.

(දිනමිණ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දළදා මැඳුරේ ප්‍රවේණි ඉඩම් විකුණූ මුදල්, බහිරවයෝ ගිලිති.
දළදා මැඳුරේ ප්‍රවේණි ඉඩම් විකුණූ මුදල්, බහිරවයෝ ගිලිති.
http://ift.tt/2iD89xq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_349.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_349.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy