කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තිබූ බල අරගලයෙන් රාජපක්ෂ හිතවාදී කල්ලිය පරාජයට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ...
කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තිබූ බල අරගලයෙන් රාජපක්ෂ හිතවාදී කල්ලිය පරාජයට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ වාම ව්‍යාපාරයේ බලකණුවක් ව සිට දැනට යම් පසුබෑමක සිටින එම පක්ෂය දිගින් දිගට ම සභාග දේශපාලනයේ යෙදී සිටිය ද පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ සරණ යෑම එහි ප්‍රධාන ලේකම් වන ඩිව් ගුණසේකර ඇතුළු පිරිස ප්‍රතික්ෂේප කිරීම විශේෂයක් විය. ඔවුන්ගේ ස්ථාවරය වූයේ කොමියුනිස්ට් පක්ෂය ස්වාධීන මතයක සිටිය යුතු බව ය. දිගින් දිගට ම මහජන මුදල් අමු අමුවේ කොල්ල කෑ, තම ප්‍රතිවාදීන් ඝාතනය කළ, එසේ ම අතිශය ජාතිවාදී කඳවුරක් වන මහින්ද කඳවුර වෙත කොමියුනිස්ට් පක්ෂය නැවත ළං වන්නේ නම් එය එම පක්ෂයේ අභාවයට පහසු මගක් බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් දරණ මතය යි.
කෙසේ වෙතත්, එම පක්ෂය මහින්ද රාජපක්ෂගේ දේශපාලන පෙරමුණට එක් කිරීමට කාලයක් තිස්සේ වලිකමින් සිටියේ එහි සභාපති රාජා කොල්ලුරේ, වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසකි. පසුගිය දා පැවති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේ දී එහි මධ්‍යම කමිටුවේ සංයුතිය කෘත්‍රීම ලෙස වෙනස් කර පක්ෂය තමන්ගේ අත්අඩංගුවට ගැනීමට මෙම පිරිස වලිකෑව ද එම උත්සාහය පරාජයට පත්ව ඇත. නැවතත් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස පත්ව ඇත්තේ ඩිව් ගුණසේකර මහතා ම ය. කෘතහස්ත වාම දේශපාලකයෙකු වන ඒ මහතා ඇතුළු පිරිසගේ මතය තවදුරටත් කොමියුන්ස්ට් පක්ෂය කිසිදු ධනපති පක්ෂයක අතකොලුවක් නොවී ස්වාධීනව සිය දේශපාලන කටයුතු කළ යුතු බව යි.
කෙසේ වෙතත්, රටේ ප්‍රගතිශීලී දේශපාලනයට ලැදි සියලු දෙනා මෙකී තත්වය සැලකිල්ලට ගත යුත්තේ සුබවාදී ව ය. කිසිදු කොන්දේසියකින් තොරව ජාතිවාදයේ සරණින් නැවත බලයට පත්වන්නට අර අඳින මහින්ද රාජපක්ෂ කුප්‍රකට පෙරමුණ ලද අන්ත පරාජයක් ලෙස ද මෙය තවදුරටත් සැලකිය හැකි ය.
COMMENTS